කලකට පසු රූපවාහිනිය (=TV එක. පචනාහිනී නාලිකාව නොවේ) නැරඹීමට සිතුනි. ආශ්චර්යයෙකි! ලස්සන ලස්සන adය. බලන් ඉන්නට ආසා හිතේ. ලස්සන ලස්සන ගෑල්ලමයි සිටිති. ඔවුන් අප ගැන ආදරයෙන් අපට කන්නට කියන අහර වල රස ගුණ ගැන ඇසීම සර්වාංගයම කිලිපොලා යයි. අර නාලිකාවේ තාච්චි දිලිසෙන්නටම මැදීමට හැකි සබන්ය. සබන් කැට ඇතුලේ පෙන්ඩන්ට් ය. මේ නාලිකාවේ චන්ඩි බන්ඩියට යෝගට් විකුණන අවුරුදු දහ අටේ අම්මලාය. "මමත් අම්මකෙනෙක්, අපි ඔක්කොම ඉන්නවා වගකියන්න" යයි කියන විධායක නිලධාරී අම්මලාය. (මෙම වෙළඳ දැන්වීම් වල, ළමයාට අවුරුදු අටක් පමණ වන විට අම්මාට දහ අටක් පමණ වන්නේත් තාත්තාට අවුරුදු විසි එකක් පමණ වන්නේත් කෙසේදැයි මම අහස පොළව ගැටලා නිතර කල්පනා කරන ගැටලුවකි.) ඔය අතරේ මා නිතරම දුටු පාඨයක් වූයේ, "අනුකරණ වලට නොරැවටෙන්න" යන්නයි. අනුකරණ? ඔවු. මෙම ලිපිය අනුකරණ ගැන මිස ඔබ සිතා සිටි පරිදි වෙළඳ දැන්වීම් ගැන නොවේ.
වෙළඳපොලේ සාමාන්‍යයෙන් නිතර සිදුවන සිදුවීමකි. එනම් උසස් ප්‍රමිතියකින් යුතු, ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ වෙළඳපොලට එන භාණ්ඩ අනුකරණය කොට ඊට වඩා ප්‍රමිතියෙන් පහළ මිළෙන් අඩු ඒ ආකාරයේම වෙනත් භාණ්ඩ වෙළඳපොලට පැමිණීමයි. මේවා පළමු භාණ්ඩයේ ඇසුරුමට සමාන ඇසුරුමකින්, මුල් නමට සමාන වෙනත් නමකින් වෙළඳපොලට නිකුත්වේ. මෙම වෙනස්වීම් ඇස් රවටන සුලු බැවින් පාරිභෝගිකයාට නියම භාණ්ඩයෙන් අනුකරණය කුමක්දැයි වෙන්කොට හඳුනාගැනීම අපහසු වේ. ඇතැම් අවස්තාවලදී මෙම ක්‍රියාවලිය මහා පරිමාණ වශයෙන් සිදුකොට, පාරිභොගිකයන් ගසාකෑමෙන් රුපියල් කෝටි ගණනක් උපයන අවස්ථා ද ඇත. එම නිසා, මා පෙර කිව් පරිදි මුල් භාණ්ඩයේ නිශ්පාදකයාට හෝ අලෙවිකරුවාට "අනුකරණ වලට නොරැවටෙන්න" යැයි වගන්තියක් තම ප්රචාරක දැන්වීම්වල ප්‍රදර්ශනය කිරීමට සිදුවේ.
පෙර කී තත්වය වඩාත් පුලුල් ලෙස පැතිරී ගියේ 1977දී J.R. ජයවර්ධන ආණ්ඩුව විසින් විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුවය. රටෙහි අනිත් සියලුම සංස්කාරයෝ මෙන්ම බුදුදහම ද මෙම ඉරණමට ගොදුරු විය. එනම් නිර්මල බුදුදහමට ද 'ඩුප්ලිකේට්' එකක් පැමිණියේය. මා කොහේදෝ කියවූ පරිදි මෙම 'ඩුප්ලිකේට්' එක හැඳින්වෙන්නේ 'බුහ් ආගම' නමිනි.
මෙම ආගමේ සහ 'ඩුප්ලිකේට්' එකේ නම් එකම ආකාරයන්ට ශබ්ද වන නිසා සමාන්‍ය ජනයාට මෙම ආගම් දෙක වෙන්කරගැනීමට අපහසුය. වර්ණය, දවටනය, සලකුණු සියල්ලම එක හා සමානය. වෙනස වන්නේ, බුදුදහම සකල ලෝකවාසීන්ගේ ආත්ම විමුක්තිය පතා දේශනා කෙරුනු දර්ශනයක් වන විට 'බුහ් ආගම' වෙළඳපොල ඉලක්ක කර තැනුන 'ඇදහීමක්' බවට පත්වීමයි. යමක් ප්‍රසිද්ධ වෙළඳපොල ඉලක්ක කොට තැනුන වෙළඳ භාණ්ඩයක් වන විට, එම වෙළඳ භාන්ඩය ප්‍රචාරණය කිරීමේ යෙදී සිටිනෝ ඉබේම 'සේල්ස් රෙප්'ලා බවට පත්වෙති. මොවුන් සැරසී සිටින්නේද බෞද්ධ භික්ෂූන් ලෙස වුවත් 'භික්ෂු' යන නාමයෙන් හඳුන්වනවාට වඩා 'කහකඩයින්', එනම් කසාවතක් පොරවාගත්තවුන් යන නමෙන් හැඳින්වීම වඩා උචිතය.
මෙම ආගමට අනුව ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවම උතුම් වේ. බෝධි පූජා, පිරිත් නූල්, සෙත් කවි, පුනරුත්පත්තිය, වන්දනා ගමන්, ජ්‍යෝතිෂ්‍ය, ප්‍රේත කුම්භාණ්ඩයින් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යනු ඔවුන්ගේ දහමයි. දැනුදු රූපවාහිනියේ යම් වැඩසටහනක් නැරඹීමේදී යන්ත්‍ර මන්ත්‍ර පිලිබඳ චිර ප්‍රසිද්ධ 'කහකඩයින්'ගේ වෙළඳ දැන්වීම් යන ආකාරය අපට දැකගත හැක. විමුක්තිය තකා දේශනා කල ධර්මය, මිනිසුන් බියගන්වා පලනය කළ හැකි අවියක් බවට පත්වන්නේ ජනයා බුදුදහම යැයි රැවටී, 'බුහ් ආගම' ඇදහීමට පටන්ගත් විටය. ජනයා ධර්මය පිලිබඳව ප්‍රශ්න නැගීමට බිය වන අතර සියලු දේම 'ඒක අපේ කරුමෙ' යැයි සිතා බාරගැනීමට පෙලඹේ.
'බුහ් ආගම' හි නවතම ප්රවනතාව පිටට පැමිණියේ පසුගිය වකවානුවේ මෙම රටෙහි යුද්ධය පැවති අවස්ථාවේදිය. ඒ, ගැලවුම්කාරයින් රැළක් මෙනි. එම කාලයේදී 'දෙමලු මරමු-හෙළය රැකගමු' යනුවෙන් එලියට පැමිණි මෙහි ප්රචාරක පාඨය අද වන විට 'හම්බයො මරාපියවු-ගවමස් කඩ වසාපියවු' යනුවෙන් වෙනස් වී ඇත. මෙම ප්රචාරක පාඨය ඉදිරියට දමාගෙන, ලංකාවෙහි විවිධ සේනා හා බලකායන් හතු පිපෙන්නාසේ මතුවෙනු දැකිය හැක. පඳුරකට ගලක් ගැසුවද බලසේනා කාරයෙකි. බුදුදහමේ මෙන් නොව, මෙම 'බුහ් ආගම' අනුව නම් පවු සිදුවන්නේ හරක් මැරීමෙනි. හරක් මැරුවාම පවුය. ආනන්තරීය පාපකර්මයකි. ඒ නිසා හරක් නොමරා රැකගත යුතුය.
මොවුන්ට අනුව හරක් මැරීම පවු වන්නේ හරකා ජාතියේ කිරිමව නිසාය. අනේ මම දන්නා තරමින් නම් කිසිම හරකෙක් මිනිසුන් සොයාවිත් "අනේ මෙන්න මගෙන් කිරි අරන් උඹේ දරුවන්ට පොවන්නැ"යි කියන්නේ නැත. ගවයා කිරි ගැනීම පිණිස ඇතිකරන්නේ මිනිසාය. කුඹුරු සී සානු පිණිස පුරුදු කරවන්නේ මිනිසාය. එසේනම් කුකුළන් අපට බිත්තර ලබාදෙන හෙයින් උන් මැරීමද තහනම් කොට, 'ජාතියේ බිත්තර මව' යන නාමය උන්ටද ලබාදිය යුතු නොවේද? ඇයි කුකුළ්ලු කලුද? කුකුළන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි? මා ගවයන් මැරීම සාධාරනීකරණය කරනවා නොවේ. මටනම් කොයි සතා මැරුවත් පවුය. ගැටලුව තිබෙන්නේ මිනිසුන් මැරීම පවු නොවී හරකුන් මැරීම පමණක් පවු වීමය.
මෙහි උච්චතම අවස්තාව වූයේ පසුගිය සමයේදී එක්තරා 'කහකඩයෙක්' ගවයින් ඝාතනයට විරුද්ධව සිරුරට ගිනි තබාගෙන මරණයට පත්වීමෙනි. ඇතැම සේනා, බලකා හා මාධ්‍ය වලින් එම ක්‍රියාව 'හරක් වෙනුවෙන් කළ දිවිපිදීමක්' ලෙස හඳින්විය. මට නම් මේ ගැන ඇත්තේ තදබල ඉරිසියාවකි. මෙපමණ මිනිසුන් දිනපතා ඝාතනය කරනු ලබත්දී, අතුරුදහන් වෙද්දී, ස්ත්‍රීන් හා කුඩා දරුවන් අතවරයට ලක්වෙද්දී මේ සිවුරුධාරියාට පෙනුනේ දුක්විඳින හරකුන් පමණය. අනේ මටත් ඒ හැකියාව නැති වීම ගැන මම ඉරිසියා කරමි. ඒ ඉරිසියාවෙන්ම තවදුරටත් ලියමි.
බුදුරජාණන් වහන්සේ ජීවමාණව සිටි අවදියේ උන්වහන්සේ බුද්ධ රාජ්‍ය, ධර්ම රාජ්‍ය හෝ සංඝ රාජ්‍ය නිර්මාණය කිරීමට නොගියෝය. රාජ්‍ය පාලනයද රජතුමාටම කරගන්නට ඉඩදී මනුෂ්‍ය වර්ගයාට තම දර්ශනය අවබෝධ කර දුකින් මුදවා ගැනීමට පමණක්ම වෙහෙසුනහ. නමුත් 'බුහ් ආගම'හි 'සේල්ස් රෙප්'ලා මහජන ඡන්දයෙන් මැති සබයටද රිංගා රට පාලනය කිරීමට ගියෝය. උපාසකම්මලාද තමන්ගේ ඡන්දය 'බුහ් ආගම'ට පූජා කර බුද්දරාජ්ජය පහළ වන තුරු දෑත් නළලේ තබා, කටවල් ඇරගෙන බලා සිටියෝය. අන්තිමට කරපු කෙලියක් නැත.
එමෙන්ම මෙම 'සේල්ස් රෙප්' වහන්සේලාට අනුවනම් කලයුත්තේ දරුවන් හදන එක නොව දරුවන් වදන එකය. ජාතිය රැකෙන්නේ එතකොටය. එක් සිංහල මිනිසෙකුට ස්ත්‍රීන් පහක් විවාහ කරගැනීමට හැකි ආකාරයට නීතිය වෙනස්කළ යුතු යැයිද යෝජනා විය. උපරිම කාර්යක්ෂමතාවයෙන් ජාතිය රැකීම පිණිස තම වර්ගයා බෝකිරීමට, ඉදිරියේදී සේල්ස් රෙප් වහන්සේලාටද විවාහ වීමට හැකි ලෙස නීති ගෙන එන ලෙස රජය බලකළහොත් පුදුම විය යුතු නැත. බුදුරජාණන් වහන්සේ කුමක් පැවසුවත් ජාතිය රැකගත යුතුමය. සිංහලයන්ට තියෙන්නේ මේ ලංකාව විතරනෙ!
'බුහ් ආගම'ට අනුව අන්‍ය ජාතිකයින් සියල්ලෝම තමන්ගේ සතුරෝය. ජාතිය බිලිගැනීමට සිටිනා මාර සේනාය. උන්ට විරුද්ධව සටන් කළාට, එකෙක් දෙන්නෙක් මැරුවාට පව් නැත. මේ නිසා අන්යාගමිකයෙක් දුටු වහාම 'බුහ් ආගම'කාරයින්ගෙ රෝමෝද්ගමනය වේ. රවයි. ගොරවයි. බුදුදහමේ උගන්වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මොවුනට නැත. ජාතිය බිලිගන්නට ඉන්නා දස බිම්බරක් මාර සේනාවන් අන්‍යාගමිකයින් නිසා උන්ගේ කඩවල් වලට ගැහුවාට, ගීතිබ්බාට කම් නැත. එමෙන්ම මා දන්නා පරිදි බුද්ධාගම් කාරයෝ පින් රැස්කළද 'බුහ් ආගම'කාරයෝ රැස්කරන්නේ ආයුධ ය. බුදුදහමට අනුව තමාගේ ගැලවුම්කරු තමාම වුවද 'බුහ් ආගම'ට අනුවනම් සිංහලයින්ගේ ගැලවුම් කාරයා මේ රටේ මහස්ථානේ ය.
'බුහ් ආගම' ගැන තව තවත් ලිවිය හැකි වුවත් එවිට ලිපියක් නොව පොතක්ම ලිවීමට හැකි වන නිසා දැනට නවතිමි. මේ ආදී වශයෙන් බුද්ධ ධර්මය හා 'බුහ් ආගම' වෙන්කොට හඳුනා ගැනීම ඔබට බාරයි.

4 comments :
සුපිරිම බ්ලොග් අඩවියක්.. අනාරාදිතවම මගේ සින්ඩියේ එල්ලුවා.. සුපැතුම්...!!!
ඔබට ලුණු ඇඹුල් ඇතිවම උත්තරයක් ලියන්න ඕනෑ. එත් එක මුලින්ම ලියන්න හොඳ නැති නිසා අනික් අයගේ ප්‍රතිචාර එනකල් මා ටිකක් බල ඉන්නවා.

බෞද්ධ දර්ශණය සහ භාවිත සඟ ක්‍රියාකාරකම් ගැන සමරසේකර මහත්මයාගේ විග්‍රහය කියවන්න බලාගෙන ඉන්නවා..
Post a Comment