Saturday, June 7, 2014

නයි නළඟන හා ජඩමාධ්‍ය

දැන් මාධ්‍ය-වේදීන් නැත ඇත්තේ ප්‍රසව හා නාරිවේදීන්ය, උන් දැන් මුරකරන්නේ තිඹිරි ගෙවල්ය, අනුරාධපුර රෝහලට පොලීසිය යොදවන්නට වන්නේ ජඩ මාධ්‍ය -වේදීන් ප්‍රසව හා නාරිවේදීන් වී ඇති නිසාය, ගැහැණියකට මෙතරම්ම එළව එළවා පහර ගසනා රටක් මුලු ආසියාකරයේම ,ලෝකයේම තබා මේ ක්ශීරපථයේම ඇතැයි සිතිය නොහැක...

නයි නළඟනට පැටියෙකු ලැබෙන මාතෘකාවක් සෑම ගොසිප් අඩවියකම, දිනපතා පුවත් පතකම ප්‍රධාන මාතෘකාව වී තිබේ...ගැහැණියකට දරුවෙකු ලැබීම එතරම්ම අරුමයක් වන්නේ මේ ජඩ මාධ්‍ය කලාව නිසා නොවේද?


ඇය ලංකාවේ සිටින එකම ජමාජශාලා නළඟනද? නැතිනම් ඇය ලංකාවේ මවක් වූ එකම කාන්තාවද?

නිරෝශා විමළරත්න නම් ඇය දරුවා සමඟ පාරට වැටුන හොත් පොඩි එකාට කිරි පැකට් එකක් අරන් දෙන්නට එක මානව හිතවාදියෙකු හෝ සොයාගැන‍ීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇත,..

ඇට නැති දිවට බොහෝ දෑ දෙඩවිය හැක, ගැහැණිය වේස ගෑනිය කරන්නටත්, විශාඛාව කරන්නටත් ඊට හැකිය, එහෙව් කටට පැටියා නයා කරන්නට බැරි කමක් නැත,මේ මාධ්‍ය විකුනන්නේ නූපන් හෝ ඊයේ ඉපදුන දරුවෙක්වය, ගොසිප් “පොරවලට“ හිට්ස්, ඇඩ් වලට මාර ප්‍රෙයා්ජනයකි, උන්ට පැටියා මලත් කමක් නැත අවශ්‍ය වන්නේ වෙළදාමය.

ඒ වෙළඳ මාධ්‍ය සංස්කෘතිය දිනපතා පත්තරවලට බෝවීම අරුමයක් නොවේ කරුමයකි,නපුංසක මාධ්‍යකරුවෝ පිරිමි බව හෝ ගැහැණු බව පෙන්නන්නට ගැහැණියක එළව එළවා පහර දෙයි, අප ඒවාට අත්පොළසන් දී පසුව සාධුකාර දෙමු, ඒ පාඨකයාගේ හැටිය,

මේ සංස්කෘතියේ තුප්ප බවද නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදයේ තුප්ප බවදැයි මම නොදනිමි, නමුදු මතකතබාගතයුතු වැදගත්ම කාරණාව නම් ඇය කාන්තාවක් සහ ඒ පැටියා කිරිකැටි බිළිදෙකු බවය,..නොඑසේනම් මේ ජඩ සමාජයට එරෙහිව දිනක ගලිවරයෙකුව, ටී පනස් හයක්ව නැඟීසිටින්නේ මේ හය හතර නොතේරෙන බිළින්දාය,...එදිනට විලිය පසෙක දමා යටකලිසමින් මුහුණවසා දුවන්නට ඒ මඩ මාධ්‍ය-වේදීන්ට සිදුවනු ඇත...!!

5 comments :

රන්සකු said...

ponna pattara karayanta meka thama rate thiyena lkuma prashnaya. oya napunsaka wesa ballo ekita inna denne na. aie ekita jeewithayak nadda.
maathalan liyapana me gana.
salli thiyena deshapalanaya balaya thiyena ewunge ewa liyanne nam nathiwa . mewa uppanna sahathikayath ekkama liyanwa

Unknown said...

Respect @Thewana Asa,
Good to know that Good People Still Exists :)
Keep it up

Unknown said...

ඇත්තටම අනුන්ගේ පෝස්ට් හොරකම්කරලා බ්ලොග් කරන්න ලැජ්ජ නැද්ද?https://www.facebook.com/photo.php?fbid=632519296839995&set=a.131185763640020.28978.100002457910723&type=1&theater

Rasika Kulasinghe said...

කිසිදෙයක් හොරකන්කරල නෑ. මූලාශ්‍ර සඳහන් කිරීමට අමතකවීම ගැන සමාවෙන්න. මම හිතන්නෙ ඔබතුමා බලාපොරොත්තුවෙන්නෙත් මේ අදහස වැඩි වැඩියෙන් සමාජගතවන එක වෙන්න ඕනි. ඒක නිසානෙ ඔබතුමා මේ සටහන තබන්න ඇත්තෙ. ඉතින් අපි ඒ උවමනාවට සහයක් වුනාකියල හිතනව.

Anonymous said...

??????????????

Post a Comment