Monday, March 17, 2014

මැජික්වලට තවදුරටත් අඳිමුද ? (අතුරුදහන් MH370 ගුවන් යානය ගැන චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවැකියක්)

අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති මැලේෂියානු ගුවන් යානය ගැන මෙරට ප‍්‍රසිද්ධි ජ්‍යෙතිර්වේදියෙකු වන්ද්‍රසිරි බන්ඩාර දෙරණ රූපවාහිනිය සමඟ අදහස් පල කලේය.

ඔහු පවසන්නේ මෙය නියමුවා විසින් සැලසුම් කල ගුවන් යානා පැහැරගැනීමක් වන අතර දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.

‘මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’ යයිද ඔහු සඳහන් කරයි.

පසු සටහන - 

අතුරැදන්වු ගුවන්යානය ගැන අපේ ජෝතිෂ්‍යවේදීන් අනාවැකි කියල. එකමහත්තයෙක් කියනව ගුවන්යානය කඩන්වැටිලලු. තවමහත්තයෙක් කියනව ඒක පැහැරගෙනලු. එක විද්‍යාවක් - ප්‍රතිඵල දෙකක්. කනාවැකි කියන කලාව නිවැරදිනම් කව්රුකිව්වත් එකම කතාවක් කියවෙන්න එපායැ.

ඒක නෙවෙයි කතාව, චන්ද්‍රසිරි මහත්තය කියලතියනව මෙහෙම,

“දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.”
“අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්”

සිදුවිය හැකි සියලුම සම්භාවිතාවන්ට ගැලපෙන විදිහට තමයි ඒගොල්ලන් කතාව ගොඩනගන්නෙ.

ඒක නෙමෙයි ලොකුම කාරණාව. චන්ද්‍රසිරි මහත්තය මේ ගුවන්යානය පැහැරගෙනයි කියන අනාවැකිය කියන්නෙ, අනාවැකිය කියන්න පැය ගනනාවකට කලින් dailymail.co.uk කියන වෙබ් එකේ ඒ ගුවන්යානයෙ නියමුවා පිලිබඳ සැකයක් තියනව කියල විස්තර ගියාටත් පස්සෙයි. ගූගල්එකේ සර්ච්කරල තමයි මේගොල්ලන් අනාවැකි හද්නෙ. මෙන්න ඒ ලින්ක්එක.

http://goo.gl/A1nUAG

සරලව තර්කක දෙක-තුනක් හදාගෙන ගලප්පගන්න හැකියාවයි, සාමාන්‍ය දැනීමයි තියන ඕනම කෙනෙකුට මේවිදිහට අනාවැකි කියන්න පුලුවන්. ඕකට ඉතින් ජොතිෂ්‍ය උවමනායැ...

6 comments :

මාතලන් said...

මුට ලැජ්ජත් නෑ.. ජඩ මාද්දිය වේදීන්ට ලැජ්ජත් නෑ.. මූ කෙලපු කනාවැකී කීයන් නම් ටොම් පච උනාද..?

yakageadaviya said...

වැඩේ මේකයි මූ කෙබර කෙලල කෙලල කෝටි ගනන් හම්බ කරනව. මූ තව බොරුවක් කිව්වත් මේ රටේ මිනිස්සු රැවටෙනව. අපි හිනා වුනාට මූට මේ හැම බොරුවකටම සල්ලිනෙ

Rasika Kulasinghe said...

ඒක ඇත්ත

Dinesh said...

මේක කියපුවා හැම එකක්ම බොරු වෙලත් තාමත් ලැජ්ජාවක් නැතුව අනාවැකි කියන එකනේ වැඩේ කියන්නේ..

Backpakersry.com said...

me yaka me April wala janadipathi waranayak thinawa kiyala wgakimen anwakiyak qwa janwari 1 wenida balamu ekata mokada wenne kiyala

Unknown said...

seratama kalin meva visvasa karana unta bu vallen thalanda oni

Post a Comment