Friday, November 16, 2012

ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවේ අලුත් මුහුන...

මේ දින වල ජනතා විමුක්ති පෙරමුණ මඟින් අමුතුම රාජකාරියක් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගනු ලැබු තීරණ මෙයට හේතු වී ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ආචාර්ය අරගලය තුළ ඇති වූ තත්ත්වයයි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් සූදානම් කළ සිය අරගලය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා හයිඞ් පිටියේ පැවැත්වූ රැලිය තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසිනි නමුත් මෙම රැලියේදී ශිශ්‍ය ව්‍යාපාරයට වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ විසින් බව එම රැලියට ගිය සිසුන් කාටත් වැටහුනේ එහි වේදිකාවේ අසුන්ගෙන සිටි කිසිසේත්ම ආචාර්යවරුන්ගේ අරගලයට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් අය පවා එහි රැඳී සිටීමෙනි.

Saturday, October 27, 2012

ගබ්සාව : ආගම වෙනුවට සමාජීය සහ සෞඛ්‍ය සාධක පෙරට ගැනීම

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමඟ නාරද බක්මීවැව මෙහෙයවන යංග් ඒෂියා ටෙලිවිෂන්හි ත්‍රිමාන වැඩසටහන වෙනුවෙන් කරන ලද සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.

ගබ්සාව කියන්නෙ මොකක්ද?
ගර්භයකට සති 28 ක් පිරීමට පෙර එම කලලය විනාශ වීම ගබ්සාව කියලා කියනවා. ගැබ් ගැනීම්වලින් 10% ක පමණ ප්‍රතිශතයක් ස්වභාවිකව ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව කිසියම් අයෙකු වුවමනාවකින් සිදු කර ගනු ලබන ගබ්සාවන් තිබෙනවා. අපි මේකට තව වචනයක් කියනවා සාපරාධී ගබ්සාව කියලා. කෙටියෙන් කිව්වොත් අපේ රටේ ස්වභාවික නොවන තමන්ගේ වුවමනාවට හෝ වෙනත් කෙනෙකුගේ වුවමනාවට කරගන්නා සාපරාධී ගබ්සාවන් දිනකට

Monday, October 15, 2012

කර්මය අහෝසි වී සෙනසුරා මාරු විය.

“මචං අද හවසට සෙට් වෙමුද?” මගේ දැහැන බිඳිමින් මිතුරකු මා ඇමතීය. “අද අපි කර්ම බලන්න යනවා”
“ෂා... එලනේ.... එහෙනම් හයයි තිහ ෂෝ එක බලමු”
“හරි පහමාරට කැන්ටිමට වරෙන්” කියමින් මිතුරා පිටව ගිය පසු මා කල්පනා කරන්න‍ට
වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘සංකාරා’ ගැනය. මා උසස්‍ පෙළ සිසුවකුව සිටි අවධියේ නැරඹූ සංකාරා හි කථාව සිහියට නගමින් යළි මා දැහැන් ගත විය.
අපි සිනමා ශාලාව අසලට ලඟා වන විට හයයි විස්ස පමණ විය. “ නිකං යන්න බෑනේ මචං” කී නිසා කඩෙන් ගත් මෙගා බීම බෝතල් හා කඩචෝරු අතැතිව අපි තුෂ්නිම්භූතව ගල් ගැසුනේ සිනමා ශාලාව අසල තිබූ දැවැන්ත බැනරය දැකීමෙනි.

Monday, October 8, 2012

නූතන පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කෙසේ වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළි ය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනු ලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.

Saturday, October 6, 2012

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Prof. Nalin de Silva
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා මහතා විරුද්ධය.

මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.

Wednesday, September 5, 2012

අපට කිසිවක් අමතකව නැත! [නූතන උසස් අධ්‍යාපනයේ බහින කලාව]

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇත. ඒ බහුතරයක් වූ මහජනතාවට පමණි. මහජන ඡන්දයෙන් තේරී පත්වූ හෝ නිල බලය මත පත්වූ නිලධාරීන්ට එවැන්නක් නොමැති. මෙසේ එකම රටක් තුල එකම ගැටළුවක් දෙයාකාරයකට සංවේදීතාවක් දැක්වීම විමතියකට කරුණක් වුවත් ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රශ්න එවැනි ලක්ෂණ විද්‍යමාන කරන බැවින් එය පුදුමයට කරුණක් නොව හුදෙක් විස්සෝපවීමට එක් අංශුමාත්‍රික හේතුවක් පමණක් බව සඳහන් කල යුතුය. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රජයකට හෝ පාලන තන්ත්‍රයකට ගැටළු පවතී. එම ගැටළු බොහොමයක් තත්කාලීන සිදුවීම් අරභයා ගොඩනැගෙන ඒවාය. නමුත් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය අභිමුව ඇති ගැටළු වලින් අති බහුතරයක් පාලන තන්ත්‍රය විසින්ම නිර්මාණය කරගත් ඒවාය. සරලව කියතොත් "විහින් දා ගත් ලෙඩ" ගණයට වැටෙන ඒවාය. ඒ අතර අධ්‍යාපන ගැටළුවත් ප්‍රමුඛ ස්ථානයක් ගනී.

Monday, August 6, 2012

රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය

  මෙය මධ්‍යස්ථානය බිලොග් අඩවියේ ලිපියකි.

පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය යන මාක්ස්වාදී ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරනවා ද යන්නයි. එම ප‍්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් සැපයීම සඳහා පුළුල් සාකච්චාවක් අවශ්‍ය වන අතර මෙහිදී ඒ සඳහා අවස්ථවක් ඇත්තේ නැත.

Wednesday, August 1, 2012

මායාව සහ සැබෑව

පිරිසක් ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කලත් තවත් පිරිසක් ඇසට නොපෙනන අත්භූත බලවේගද විශ්වාස කරනවා. වර්තමානයේ කෙමෙන් ඒවා යටපත් වුවත් තවමත් සමාජය තුල තවමත් ඒවාට ප්‍රබල බලපෑමක් කල හැකියි.

පසුගිය කාලයේ මාධ්‍යය මගින් ප්‍රචාරය වූ "කනප්පුවෙන් හොරු ඇල්ලීම" "බෝතල් ඇතුලට භූතයන් දමා සිර කිරීම" වැනි දේවල් කාටත් කුතුහලයක් ගෙන දීමට සමත් වුනා.

ඒ අතර විසදුම් නැති ප්‍රශ්න අත්භූත බලවේග මගින් පැහැදිලි කිරීමට ඇතැමුන් උත්සාහ කළා.


කහවත්ත ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇතිවූ මිනීමැරුම් වලට හේතුවද භූතයෙක් පිට පැවරීම එයට කදිම නිදසුනක්.