Wednesday, August 1, 2012

මායාව සහ සැබෑව

පිරිසක් ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කලත් තවත් පිරිසක් ඇසට නොපෙනන අත්භූත බලවේගද විශ්වාස කරනවා. වර්තමානයේ කෙමෙන් ඒවා යටපත් වුවත් තවමත් සමාජය තුල තවමත් ඒවාට ප්‍රබල බලපෑමක් කල හැකියි.

පසුගිය කාලයේ මාධ්‍යය මගින් ප්‍රචාරය වූ "කනප්පුවෙන් හොරු ඇල්ලීම" "බෝතල් ඇතුලට භූතයන් දමා සිර කිරීම" වැනි දේවල් කාටත් කුතුහලයක් ගෙන දීමට සමත් වුනා.

ඒ අතර විසදුම් නැති ප්‍රශ්න අත්භූත බලවේග මගින් පැහැදිලි කිරීමට ඇතැමුන් උත්සාහ කළා.


කහවත්ත ප්‍රදේශයේ පසුගිය කාලයේ ඇතිවූ මිනීමැරුම් වලට හේතුවද භූතයෙක් පිට පැවරීම එයට කදිම නිදසුනක්.

එහිදී පොලිස් පරීක්ෂණ වලදී හෙළි වුනේ කහවත්තේ මිනීමැරුම් සිදුවන්නේ අත්භූත බලවේගයකින් බව සනාථ කිරීමට ඇතැම් ප්‍රදේශවාසීන් අදාළ අපරාධය සිදුවූ ස්ථානයේ සාක්ෂි ව්කෘති කර දැමීමක් සිදු කර තිබු බවයි.

ජනේලෙන් රිංගු බව කීමට ජනෙල් පොලු ඇද දමා තිබීම, මල සිරුර අසලින් පහනක් පත්තු කිරීම වැනි දෑ ඒ අතර සිදු වුනා.


කෙසේ නමුත් ලංකා හේතු වාදීන්ගේ සංගමය විසින් පසුගිය දා එලෙස මායාව හා සැබෑව අතර වෙනස පෙන්වා දීමක් සිදු කළා.


පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි




0 comments :

Post a Comment