Friday, June 3, 2011

නිදහස් අධ්‍යාපනය සුරුකීමේ ජාතික මධ්‍යස්ථානයක් අද දවසේ වැදගත්වන්නේ ඇයි.....?

     පාසල්, කාර්මික අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල යන ක්ෂේත‍්‍ර තුනක දායකත්වය ඇතුව මූලිකව ක‍්‍රියාත්මකවන අධ්‍යාපනය රටේ විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව ඇත. ඊට හේතුව පාලකයන් සිසුන්ට හිමි අධ්‍යාපන අයිතිය විවිධ ආකාරයෙන් උදුරා ගැනීමට කටයුතු කිරීමත්, සිසුන් එය ආරක්ෂා කරගැනීමට අරගල කිරීමත් ය. වර්තමානයවන විට පාසල්, කාර්මික අධ්‍යාපනය සේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇත.

    පාසල් අධ්‍යාපනයේ ඇති ගැටළුව හඳුනා ගැනීමට පසුගිය ජුලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් පාසල් සඳුහා මුදල් වෙන්කළ ආකාරය වටහා ගැනීම පමණක් ප‍්‍රමාණවත් වේ. එකී විෂමතාවය පිළිබඳව  වෙසෙසින් සැලකිලිමත් විය යුතුය. පහත වගුවෙහි සඳහන් වන්නේ ජාතික පාසල් හා ඉතිරි අනෙකුත් පාසල් (පළාත් සභා පාසල්) වලට මුදල් වෙන් කිරීම සිදුකර ඇති අසාධාරණ ආකාරයයි.
 

     විශ්වවිද්‍යාලවල එක් පසක සිසුන් සටන් කරන අතර විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට ද වැඩි වැටුප් හා පහසුකම් ඉල්ලා වැඩ වර්ජන කිරීමට සිදු වී තිබේ. අද එය යථාර්ථයයි. කාර්මික ආයතනවල අධ්‍යාපනය ගත්ත ද ගැටළු රැසකි. තත්ත්වය එසේ තිබිය දී වගකිවයුත්තන් ඉතා පටු ආකාරයට ඒවාට ප‍්‍රතිචාර දක්වමින් සිටී. රජයේ සරසවිවල වැටුප් ප‍්‍රමාණවත් නොවේ නම් විසඳුම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යාම බව පසුගිය දා පවසා තිබුණේ අධ්‍යාපන ඇමතිවරයාමය. වගකිවයුත්තන් කටයුතු කරන්නේ ඒ ආකාරයෙනි.

     සිසුන්ට ගැටළු මතුවන විට ඒවාට විස`දුම් සොයා ගැනීමට උත්සාහ දැරීම නිරායාසයෙන් සිදුවේ. මෙය ඉතිහාසයේ ද අප වරින්වර අත්දැක ඇත්තෙමු. බලධරයන් නිදහස්අධ්‍යාපනය උදුරා ගැනීමට ප‍්‍රයත්න දරන විට සිසුන් සංවිධානය වී ඊට අභියෝග කරමින් එම උත්සාහයන් පරාජය කිරීමට කටයුතු කළහ. ඔවුන්ගේ අරගලවල ස්වභාවය සැබැවින්ම තීරණය වන්නේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපනය සුරුකීමඅධ්‍යාපනය උදුරා ගැනීමට ප‍්‍රයත්න දරන විට සිසුන් සංවිධානය වී ඊට අභියෝග කරමින් එම උත්සාහයන් පරාජය කිරීමට කටයුතු කළහ. ඔවුන්ගේ අරගලවල ස්වභාවය සැබැවින්ම තීරණය වන්නේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය යනු එහි තවත් එක් අවස්ථාවකි.

     මේ වන විට අධ්‍යාපනය විකිණීම සඳහා වන රජයේ වුවමනාව හා වැඩපිළිවෙල හුදකලා සිසු අරගලයකින් පමණක් පරාජය කළ නොහැකි මට්ටමකට පත්ව ඇත. ඒ සඳහා රටේ ජනතාව සම්බන්ධ කරගත යුතු අවස්ථාව පැමිණ තිබේ. මන්ද යත් පෞද්ගලිකවිශ්වවිද්‍යාල ඉදිකිරීම හා අධ්‍යාපනය විකිණීම සිදුවන්නේ හුදෙක් පාලකයන්ගේ පෞද්ගලික වුවමනාව මත නොවන බැවිනි. එය ඉන් ඔබ්බට ගිය ආර්ථික වැඩපිළිවෙළ සමග බැඳී ඇති දෙයකි. ආර්ථික ක‍්‍රමයේ වුවමනාව සහ එහි නොහැකියාව හා ගැටගැසී ඇති දෙයකි.

     ඉතිහාසයේ ද පෙර අවස්ථාවක නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය (80 දශකයේ අග) ගොඩනැගූ අතර උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, පාසල් අධ්‍යාපනයේ කප්පාදුව ඇතුළු ආණ්ඩුවේ කි‍්‍රියාමාර්ග රැසක් ඉන් පරාජයට පත්කළ හැකි විය. ඒ සරසවි සිසුන්, දෙමාපියන්, පාසල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල සේවකයන් අතුළු සියලූ පාර්ශ්වයන් එක් මිටකට ගොනු වී ආණ්ඩුවේ අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සිය විරෝධය පලකළ බැවිනි. එකල රටේ ශිෂ්‍ය ව්‍යාපාරය සිදුකළ අරගල හා එකී ස්වභාවයන් ඇසුරෙන් මෙම තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ දැරීම වඩා සුදුසු ය.

1980 දශකය මුල තිබූ තත්ත්වය.

    විශ්විද්‍යාල පද්ධතියේ බලය ආණ්ඩුවට මධ්‍යගත කරගැනීම හා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් සතු බලතල අවමකර, විශ්වවිද්‍යාල ප‍්‍රජාව මර්දනය කිරීම අරමුණු කරගෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල සංශෝධන පනත හඳුන්වා දුනි. ඒ හරහා විශ්වවිද්‍යාල තුළ එතෙක් අවම වශයෙන් හෝ පැවති ස්වාධීනතාව විනාශ කර දමන ලදී.

ධවල පත‍්‍රිකාව

     1981 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ලාංකීය ජනතාවගේ බුද්ධිමය පරිමාවට ගැලපෙන සේ අධ්‍යාපනය සකස්කර, අධ්‍යාපනය ලැබූ ශ‍්‍රම බලකායට සාපේක්ෂව ආර්ථිකය සංවර්ධනය කරනවා වෙනුවට, ඒ මොහොතවනවිට පාලකයින් විසින් රට ගෙනයාමට නියම්තව ඇති පාදඩ ආර්ථිකයකට හා සංස්කෘතියකට ගැලපෙන සේ අධ්‍යාපන සංහාරයට පලමු පියවර තැබීය. වෘත්තීය, තාක්ෂණික සහ තෘතීක අධ්‍යාපන ප‍්‍රතිසංස්කරන යොජනාලෙස හඳුන්වනු ලැබූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාවේ අහිතකර යොජනා රැසක් අඩංගුවිය.

     ඉන්පසු 1985 අංක 07 දරන විශ්වවිද්‍යාල පනත 1985 පෙබරවාරියේදී පාර්ලිමේන්තුවට ගෙනඑනලදී. මේ යටතේ 1978 පනතින් කප්පාදු කරනුලැබූ, අවම වශයෙන් හෝ ඉතිරිවි තිබූ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී ලක්ෂණ විශ්විද්‍යාල පද්ධතියෙන් උදුරාගෙන ඒවා සෘජු දේශපාලන බලධාරියකට යටත්කලේය. ඊට ටික කලකට පසු 1986 දී විශ්වවිද්‍යාල විමධ්‍යගතකරනය විසින් නව යොජනා මාලාවක් (අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය සඳහා) ඉදිරිපත් කරනලදී. එහිදී මහාචාර්ය අයි බාලසූරිය මහතා විසින් ඉංජිනේරු පාඨමාලාව හැර අනෙක් පාඨමාලාවන්, දිස්ත‍්‍රික්ක මට්ටමින් ඒ ඒ නගරවල පාසල්වල පැවැත්විමට නිර්දේශ කලේය. එය කිසිදු පදනමක් නැති යොජනාවකි.

     1987 දී තවත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරන යොජනාවක් කිංස්ලි සිල්වා වාර්ථාව ලෙස ඉදිරිපත් කෙරිණි. මෙහි අරමුණ වූයේ සරසවි ප‍්‍රවේශයට බහුතරයක් වූ සාමාන්‍යය දුවා දරුවන්ට ඇති අවස්ථා අහිමිකිරීමයි.

     ඒ සමගම 1981 දී ඉදිරිපත්වූ යොජනාවකට අනුව ආරම්භකල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් මේවනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබින. අධ්‍යාපන සංහාරය මේ අයුරින් පියවරෙන් පියවර සිදුවෙම්න් එනවිට තවදුරටත් හුදු ශිෂ්‍ය සටන්වලින් පමනක් නිදහස් අධ්‍යාපනය රැකගත නොහැකිබව දුටු ශිෂ්‍ය ව්‍යාපාරය තම අරගල රටේ පොදුජනතා අරගල සමග බද්ධකරන ලදී. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ගත්විට එම තීරණ සමග පොදු සිසු බලවේගයමය එකඟ කරගැනීමට සමත් විමද එක් අතකින් ජයග‍්‍රහණයක් ලෙස සැලකිය යුතුය.

     ඉන් අනතුරුව සීග‍්‍ර අරගලය දියත්වූයේ සරසවි සිසුන්, පාසල්සිසුන්, කම්කරු ව්‍යාපාරය, ගොවි, කාන්තා, තරුණ වෘත්තිකයන්, විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ද ඵ්ක රාශීකරගනිමිනි. එහි ප‍්‍රතිඵලය වූයේ එකින් එක නීති, අනපනත් ගෙනඑමින් විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධීනතාව අහිමිකිරීමටත්, අධ්‍යාපනය විකුනාදැමිමටත් පාලකයන් ගත් උත්සාහය පොදුජනතා අරගලයකින් පරාජය කලහැකිවිමයි. විශේෂයෙන්ම උතුරුකොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1988 දී කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ලෙස ජනසතු කරවාගැනීමට එදා ගෙනගිය අරගලය නිසා හැකිවිය.

     1987 පාර්ලිමෙන්තු අනුකාරක සභාවට හමීඩ් අධ්‍යාපන ඇමතිවරයා ගෙනආ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විමද්‍යගතකිරීමේ වැඩපිලිවෙලද පරාජයට පත්කිරීමට හැකිවිය. එපමනක් නොව බරපතල අධ්‍යාපන විශමතාවයන් නිර්මාණයකල අධ්‍යාපන ධවල පත‍්‍රිකාව සහ ඒ සමාන්තරව පාසල්වල ක‍්‍රියාත්මක කල අඛන්ඩ ඇගයීම් ක‍්‍රමයද ආපසු හැරවිමට හැකිවිය.

     වර්තමාන තත්වටයන් සලකාබලන විට මීට දශකයකට පෙර පැවති තත්වයකට වඩා වෙනසක් නැත. සමහර ක්ෂේත‍්‍රවලින් සලකා බලනවිට ඊටත් වඩා නූතන අධ්‍යාපන සංහාරය නවතා දැමීමට වඩාත් පුළුල් ජනතා සහභාගීත්වයක් සහිත පළල් අරගලයක් අත්‍යවශ්‍යව ඇත.

     වර්තතමාන තත්ත්වය සළකා බලන විට විශ්වවිද්‍යාලවල ඇති ප‍්‍රමුඛතම ගැටලු කිහිපයක් හදුනාගැන්මට පුලුවන. එහි මූලිකම ප‍්‍රශ්නය වන්නේ ප‍්‍රතිපාදන කප්පාදුව නිසා සරසවි නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට මතුව ඇති ගැටලුකාරී තත්ත්වයයි.
සමග ප‍්‍රාග්ධන වියදමි කප්පාදු කර ඇති නිසා නව දේශනශාලා ඇතුලු අනෙකුත් භෞතික සමිපත් හා පහසුකමි හිගයයි. සුදුසුකමිලත් ආචාරවරුන් හිගව’ම වැනි මානව සමිපත් හිගය ද එකි ප‍්‍රමුඛ කරුණකි.

     පාසල් අධ්‍යාපනය පැත්තෙන් ගත්ත ද ගැටලු රැසකි. ජාතික පාසල්වලට පහසුකම් උපරිම ලබාදෙන අතර, කුඩා පාසල් සපුරා නොසළකා හැර කටයුතු කෙරෙමින් ඇත. සමාජයේ අවධානය පවා යොමුව නැති අනෙක් වැදගත්ම ප‍්‍රශ්න වන්නේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ශිෂ්‍යයන්ට ඇති ගැටලූකාරී තත්ත්වයයි. අවම වශයෙන් ඒ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් පවා සිදු නොකිරීම එහි ඇති වඩාත් බේදජනක තත්ත්වය නිරූපනය කරයි.

     පොදුවේ ගත්විට පාසල් අධ්‍යාපනයේ ඇති ගැටලු රැසක් හදුනා ගැනීමට පුලුවන. පාසල් වසා දැමීම, ගුරු හිගය නොවිසදීම, පාසල් අතර සමිපත් බෙදීයමේ විෂමතාවය තවදුරටත් පවත්වා ගෙනයාම එහිදී ප‍්‍රමුඛවේ.

     ලංකාව ආසියාවේ පංචබල කේන්ද‍්‍රය බවට පත්කිරීම යනු ආණ්ඩුවේ දේශපාලන සටන්පාඨයයි. ඒ සමග ලංකාව අධ්‍යාපනයේ කේන්ද‍්‍රස්ථානයක්බවට පත්කරන බව පුන පුනා ප‍්‍රකාශ කරයි. මිට මාස කිහිපයකට පෙර තම දරුවා පාසලකට ඇතුලත්කරගත නොහැකි වූ නිසා කෑගල්ල ප‍්‍රදේශයේ දමිල පියෙක් වස පානයකර සියදිවිනසාගත්තේය. ගාල්ල ප‍්‍රදේශයේද මවක් සියදිවිනසාගෙන තිබුනි. මෙලෙස පාසල් අහිමි දරුවන් සිය ගනනක් සිටියදී ආණ්ඩුව දිනපතා පාසල් වසාදමමින් සිටී.



     අධ්‍යාපන අමාත්‍යයන්ශයේ 2006 පාසල් සංගනණය අනුව බලනවිට තත්වය බරපතලවිඇතිබව පෙනේ. ඒ අනුව 2006 වසරවනවිට එක් ගුරුවරයකු පමනක් සිටින පාසල් 124 ක් ලංකාවේ ඇත. ගුරුවරු දෙදෙනෙකු පමනක් සිටින පාසල් 316 ක් ඇත. ගුරුවරු 3 - 5 ක් අතර සංඛ්‍යාවක් සිටින පාසල් 1359 ක් ඇත.

     තත්වය ඉතා බරපතල නිසා මෙම තත්වය යහපත්අතට හැරවිම ස`දහා ඉක්මන් මැදිහත්විමක් සිදුවිය යුතුව ඇත. මෙම තත්වය සලකාබලනවිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ රැඩිකල් වෙනසක් සිදුවියයුතුව ඇත. එහෙත් ඒ වෙනස පාසල් වසාදමන දිශාවට හෝ සරසවි පාඨමාලා මුදලට විකුනා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භකිරීමේ දිශාවට සිදුනොවිය යුතුය. එහෙත් පාලකයින් ගමන්කරමින් ඇත්තේ අධ්‍යාපනය විකිනීමේ දිශාවටයි. එය පරාජය කල යුතුව ඇත. ඒ සඳහාවන පුළුල්තම ජනතා මැදිහත්විමකින් තොරවම ජයග‍්‍රහණය කල නොහැකිබව ඉතිහාසය අපට නැවත නැවත පසක්කරමින් ඇත.

     නිදහස් අධ්‍යාපනයට මතුවඇති තර්ජනය සලකාබලනවිට නිදහස් අධ්‍යාපනය සුරකීමේ ජාතික මධ්‍යස්ථානය වෙත පුලූල් කාර්ය්‍යක් පැවරෙන අතර එය පහතපරිදි දැක්වියහැකිය.

-    නිදහස් අධ්‍යාපනය සුරකීමේ අරගලය සිසුන් විසින් පමනක් සිදුනොකොට පුළුල් පිරිසක් සහභාගීවන අරගලයක් බවට පත්කිරීම.

-    නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කලාකරුවන්, ආචාර්යයවරුන්, විද්වතුන්, වෟත්තිකයන්, ඇතුලු රටේ ‘‘මත සකසන්නන්ගේ’’ දායකත්වය ලබාගැනීම.

-    සමාජයේ පුලුල් කවයක්තුලට නිදහස් අධ්‍යාපනය සුරැකීම පිලිබදව සංවාදය රැගෙනයාම.

-    නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අරගලය පුද්ගලික විශ්විද්‍යාල අහොසිකිරීමේ අරගලයකට පමනක් සීමා නොකර, අධ්‍යාපනය අර්බුදය සාකච්චාකරන පුළුල් සංවාදයක් බවට පත්කිරීම.


සංස්කාරක
තෙවන ඇස

1 comments :

Suchinthana Dasun said...

good work friends. Keep it up.

Post a Comment