Monday, May 16, 2011

හොස්ටල් එක.....

     දැන්නම් ඉතින් නියමයි නේද? ආධාර විදිහට හරි අනුනුගේන් ලැබුන හොස්ටල්ටික නිසා. අපේ පරණ සහෝදර සහෝදරියන්ටනම් මතක ඇති ඒ කාලෙ අපි කාපු කට්ට. බුදු අම්මෝ, මතක්වෙනකොටත් මොකක්ද මොකක්ද වගේ.

     ෆැකල්ටියට ගවු ගානක් ඈතින්, මහා කැලෑ මැද සල්ලිවලට ගත්තු පාලූ ගෙවල් හොස්ටල් කරල අපට දීලතිබ්බ හැටි. ඒකාලෙ දවසෙ ලොකුම ගේම තමයි ෆැකල්ටි යනඑකයි හොස්ටල් එන එකයි. කෑම ගන්න තැනක් නෑ, ගොඩක් දවසට වතුර නෑ, හිටිහැටියෙම කරන්ට් යනව එදාට ඉතින් බඩුම තමයි, ඒ මදිවට කරවල්ලූ මාපිල්ලූ මදුරුවො, පොතක් තියාගෙන හරියට වාඩිවෙලා කියවන්න තැනක් නෑ, කුකුල් කූඩුවක වගේ හිරවෙලා, රූම් එකක 6 - 8 ක් විතර, හැමදාම හොස්ටල් එකේ බාගයකට විතර මොකක්හරි ලෙඩක්, ඒ මදිවට හොරු සෙරෙප්පුකෑලිදෙකවත් පරිස්සම්කරගන්න බෑ හොරු උස්සනව, මේ සේරමත් එක්ක හොල්මනුත් තිබිබලූ, ඒව දැකපු උන් කියන කතා අහල අනික්උනුත් ඉලියට බහින්නෙ නෑ. බැස්සත් බැස්සෙ සෙට්එක පිටින්මයි.

     අපි විතරක්නම් මදෑ, ඒ කාලෙ ෆැකල්ටියෙනුත් මාර කට්ටක්ලූ කාල තියෙන්නෙ. ආරන්චි විදිහට මහා සල්ලිගොඩක් යටකලාලූ ගෙවල්අයිතිකාරයින්ටයි, කරන්ට් බිල් වලටයි, වතුර බිල් වලටයි, සේවකයින්ටයි අනෙකුත් ජාතිවලටයි.

     මේ ජරමර කොහොමවුනත් කැෂුවලිටි දවසට කොල්ලන්ටනම් පොඩි ජොලියක් තිබ්බ. මොකද කෙල්ලොටික බොඩිමට ඇරලවන්න ඔනනෙ. දැන් කෙල්ලො ගනන් උස්සල තිබ්බට ඒකාලෙ ගනන් උස්සල තිබ්බෙ කොල්ලො. කොල්ලො මොනතරම් සිකියුරිටි දමල පරිස්සම්කලත් පිට බෝඩිම්වල උන්නු සමහර සහෝදරියන් ලොකු ලොකු අපහසුතාවයන්ට පත්වුන සිද්ධිත් වෙලාතිබිබ.

     ඒකාලෙ පිට බොඩිමකට මාසෙකට රුපියල් 3000 - 5000 ක් වගේ ගානක් ගෙවන්න උනාට අපි හොස්ටල් වලට ගෙව්වෙ මාසයකට රුපියල් 50 ක විතර ගානක්. ඒ ගෙවුවෙත් කරන්ට් බිල්, වතුර බිල්, ගෙවල්කුලී කවර් කරන්න නෙමෙයි. ගාන දිහා බැලූවම ඒබව ඕනම යෝධයකුට තේරුම්ගන්න පුලූවන්නෙ. ඒක නිකම්ම නිකන්, කාගෙවත් සාක්කුවට නොදැනෙන ලියාපදිංචි ගාස්තුවක් විතරයි.

     ඒවුනාට දැන් තමයි හොදම සීන්එක පටන්අරන් තියෙන්නෙ. ෆැකල්ටියෙන් කියනවලූ අලූත් හොස්ටල්එකේ කරන්ට් බිලයි, වතුර බිලයි ගෙවන්න පොඞ් සපෝට්එකක් දෙන්න කියල. ඒ ගොල්ලන්ට ඒක තනියම ගෙවන්න අමාරුලූ. මෙහෙම ගියොත් ඉස්සරහට හො`ද හො`ද සෙල්ලන් බලාගන්න පුලූවන්වේවි. පුස්ථකාලයටත්, දේශණ ශාලාවලටත් කරන්ට්එක වැයවෙනවකියල කවුරුත් දන්නවනෙ. ඒවගේම ලැබ්වලටත, ලෙක්චරස්ලටත් ෆැකල්ටියෙන් වියදමක් දරනවනේද? තව ටිකදවසකින් කිවුවොත් ඒකටත් සපොට්එකක් දෙන්න කියල‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර!!!! කොතනද මේ වැඩපිලිවෙලේ සීමාව තියෙන්නෙ? මොකක්ද මේ වෙන්නයන්නෙ? දවසෙන් සවස මොකක්ද අපෙන් මේ ඈත්තරගන්න හදන්නෙ? නිදහස් අධ්‍යාපනය කියල මේරටේ ශිෂ්‍යයො විදිහට අපට ලැබිලතිබිබ අයිතිවාසිකම නොවෙයිද?

     "නිදහස් අධ්‍යාපනය" බුදු අම්මෝ, මාර සීරියස් වචනයක්. සමහරුන්ටනම් මතක්වුනත් මල. තව සමහරුන්ට යල්පැනගිය පරන හනමිටිකාරයින්ගෙ චනයක්ලූ. තව සමහරුන්ට පතෝල වගේ. මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ මෙලෝ හැ`ගීමකුත් නෑ. තව සමහරුන්ට මේක ඇහුනම මාර මොරාල්. ඔන්න ඔහොමයි එ්කෙ හැටි. හැටි කොහොමවුනත් කොහොම අර්ථකතනයකලත් මේකවුරුත් මේකෙන්ම ගොඩගිය/ ගොඩයමින් ඉන්නඅය තමයි. මේගැන දන්නකියන උදවිය කියනවිදිහටනම් නිදහස් අධ්‍යාපනට කියන්නෙ, ජාතිය, ඇගම, කුළ බේද, ලිංග බේදය, ආර්ථිකමට්මට වගේ දේවල්මත සීමා නොවී ඕනෑම කෙනෙකුට තමන්ට පුලූවන් තමන් කැමති ක්‍ෂේත‍්‍රයක අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි.

     ඉතින් හොස්ටල්එකට සල්ලිගෙව්වම නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් එන්නෙ කොහොමද? මේ කතාදෙක අතර තියන සම්භන්ධය මොකක්ද? ගොඩක් අයට මේ ප‍්‍රශ්නය එනව තමයි. මේ අනතුර එන්නෙ හොස්ටල්එකට සල්ලිගෙවන දවසෙ නෙමෙයි. සති කිහිපයකින් මාස කිහිපයකින් වෙනදේකුත් නෙමෙයි. ඒක කාලයත් එක්ක වෙනදෙයක්.

     මෙතන කරුණුකාරණා කිහිපයක් තියනව. පලවෙනිකාරනාව තමයි හොස්ටල්එකේ ගාස්තු වැඩිවීම කොතනින් නවතියිද කියල කාටද කියන්න පුලූවන්. වැඩිවෙලා වැඩිවෙලා ප‍්‍රයිවට් බොඩිමක්වගේ වේවි. එහෙම වුනොත් ටිකකලකින් මේක ආණ්ඩුවෙ බෝඩිමක් වේවි (පිට බෝඩිමක්වගේ). අනෙක් කාරනාව තමයි තවටික කලකින් පුස්ථකාලය, දේෂණ ශාලා, පර්යේෂණාගාර (ලැබ් වගේතැන්වලටත් යන වියදමෙන් කොටසක් ශිෂ්‍යයින්ට ගන්න කියාවි. කොහොමින් කොහොමහරි නොමිලෙ අධ්‍යාපනය දෙන ආණ්ඩුවෙ වෛද්‍ය විද්‍යාලයත් දැන්කාලෙ ආණ්ඩුවෙ ඉස්කෝලයක්වගේ වේවි. එදා අපි ගිය ඉස්කෝලවලටත් දැන් වෙලාතියන දෙවල් දන්නවනෙ. දන්නෙනැතිඅයට එක්කත් මතක්කරලදීල ඉන්නම්කො. එතකොට මේකතාව හොදටම තේරුම්ගන්නත් පුලූවන්.

     දැන් ඉස්කෝලෙකට තමන්ගෙ ළමය දාගන්න ගියාම අම්මල තාත්තලට ලොකු ගේමක් දෙන්න ඕනි කියල කව්රුත් දන්නවනෙ. ඇමතිල මන්ත‍්‍රීල හම්බවෙලා ඊටපස්සෙ ඉස්කෝලෙ විදුහල්පතිතුමාටත් ගානක් දීල අවසානෙට ස්කෝලෙ ගේට්ටුව, තාප්පය, වැට හදලදෙන්න ඕනි. එහෙමනැත්නම් ඒ මොකක්හරිතැක් රෙපෙයාර්කරල දෙන්නවත් ඕනි. නැත්නම ස්කොලෙට ඩෙස්ක්එකක් පුටුවක්හරි අරන්දීල තමයි යන්තම්කරල වැඬේ ගොඩදාගන්න වෙන්නෙ. සමහර තැන්වල ඒමොනවකලත් මදි, අම්මල තාත්තල වතුරටැංකි උඩ, ගස්උඩ නැගල උපවාස කරන්නත් ඕනි. සමහර පොඩි (ගම්බද) ස්කොල වල උසස්පෙලට විද්‍යා විශයන් නෑ. එතකොට ළමය වෙනත් ලොකු ස්කෝලෙකට දාගන්න ඕනනෙ. එතකොට මේ සිද්ධිටික ඩබල් ටි‍්‍රබල්. අපේ සමහර සහෝදර සහෝදරියන්ගෙ අම්මල තාත්තලාටත් මේ අත්දැකීම් තියනවඇති. අහල බලන්න. ඉතින් ඒටික කරගන්න බැරිඅයට මොකද වෙන්නෙ. ළමය හොද ස්කොලෙකට දාගන්න විදිහක් නෑ, තමන් කැමති විශයකින් උසස්පෙල කරන්න බෑ. සාමාන්‍යයෙන් ටියුෂන් නොගිහින් බයෝ කරල මෙඩිසින් එන්න බෑනෙ. මොකද ස්කෝලෙ සිලබස්එකවත් කවර් කරගන්නවත් බෑ. ඉතින් මේරටේ කීදෙනෙක් උසස්පෙල බයෝ නොකර ඉන්නවද ටියුෂන් වලට වියදම්කරන්න බැරිනිසා. ටියුෂන් නොගිහින් බයෝ කලොත් ගෙදර තමයි.

     කොහොමින් කොහොමහරි ළමය ස්කෝලෙට දාගත්ත කියමුකො. ඊටපස්සෙ ආණ්ඩුවෙන් කියන ජාතියෙ බෑග්එකයි, පොත්ටිකයි, අරගාස්තු මේ ගාස්තු. දැන් ස්කොලෙ නිලඇදුමත් වෙලාවට දෙන්නෙ නෑනෙ. කොහොමින් කොහෙමහරි නිදහස් අධ්‍යාපනය කියල තිබ්බට ආණ්ඩුවෙන් කරන්නෙ ගුරුවරුන්ගෙ පඩිගෙවන එක විතරයි. අනෙක් සේරම වියදම් දෙමව්පියන්ගෙන්. දැන් රජයෙ ස්කොලෙත් ප‍්‍රයිවට් ස්කෝලයක් වෙලා ඉවරයි ගොඩක් දුරට. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාන්ශයෙන් පහුගිය දවසක කරපු සමීක්ෂණයකින් හෙලිවෙලා තිබ්බලූ ලංකාවෙ පාසල් යායුතුවයසේ දරුදැරියන් 150000ක් (එක්ලක්ෂ පනස්දහසක්) පාසල්යන්නෙ නෑ කියල. දැන් තේරෙනවනෙ කොහොමද තත්වෙ කියල.

     තවටිකකලකින් අපේ ෆැකල්ටියත් මේවගේ වුනුත්. ආණ්ඩුවෙන් ලෙච්චරලට පඩියවිතරක් ගෙවල අනෙක් සේරම වියදම් ශිෂ්‍යයින්ට ගෙවන්න සිද්ධවුනොත්. එදාට ඉතින් බඩුමතමයි. ්රැුඛ පාස්වුන්ත් මෙඩිසින් සිලෙක්ට්වුනත් පැකල්ටියට ඇතුල්වෙන්නන බැරිවේවි. එහෙමඅය තුන්හතරදෙනෙක්වුනත් ඒඅයට අහිමිවෙන්නෙ වෛද්‍යවරයකු වෙන්නතියන අයිතිය නෙමෙයිද? වෙන්ත්විදියකින් කියනවනම් ඒ නැතිවෙන්නෙ මේරටේ නිදහස් අධ්‍යාපනය නෙමෙයිද?

     ඉතින් අපි මේකට මොකද කරන්න ඔන. ගාන ටිකක් අඩුකරන්න කියමුද? සංශෝදිත නේවාසිකාගාර ගාස්්තු කියල ඒගොල්ලන් කියන මාසයකට රු 500 වෙනුවට රු 200ක්/ රු 250ක්/ රු 300ක් වගේ ගානක්!!! එහෙමකියල කලින් කිවුව දේ අපේ ෆැකල්ට්යටත් වෙන්න ඉඩදෙමුද? අපිකියමු අපිගෙවන්නෙ පරන ලියාපදිචි ගාස්තු විතරයි, වැඩිපුර සතයක්වත් අපි ගෙවන්නෙ නෑකියල. අපි කලයුත්තෙ ඒවිදිහට වුනත් ශිෂ්‍යයො විදිහට ඕනම සිද්ධියකදි හැමපැත්තක් ගැනම සොයාබැලීම අපේ යුතුකමක්නෙ. ඒනිසා හොස්ටල් අවුලගැන අපේ ලොකු උදවිය කියන කතාත් ආරංචිකරල බැලූව. එතකොට තමයි වැඬේ මීටර් වුනේ.

     අපි කවුරුත් දන්නවනෙ පහුගිය අවුරුදු කිහිපය පුරාම විශ්වවිද්‍යාලවලට වෙන්කරපු මුදල් කප්පාදු කරා කියල. ඒ මදිවට වෙන්කල මුදල්තුත් හරියට ලැබෙන්නෙ නෑ කියල. එ්ක නිසා ෆැකල්ටියට සල්ලිනෑ. එහෙමකරල රටේ මෙවට වගකියන මහ මහත්තුරු කියනව ඒ මුදල් පීඨවලින්ම හොයාගන්න කියල. ඒමදිවට අපේ ලොකු සර්ලත් එකදාගන්ක කියල මහකට්ටියට ඔනවිදිහටම වැඬේකරනව. එයාලට අපිගැනවත්, ෆැකල්ටිය ගැනවත්, නිදහස්අධ්‍යාපනය ගැනවත් සැබෑ ආදරයක් හැ`ගීමක් ඇත්තටම නෑ. ඔයගොල්ලන්තුත් දැකලඇතිනෙ මහඑක්කෙනා මහඑක්කෙනාගෙ ගෙදර හුරතල්වෙවී ඉන්නහැටි.

     ඉස්සරනම් ඉතින් යුද්දෙ තිබ්බනිසා සල්ලි නෑ කියල කිවුවම අපටත් මොකුත් කියන්න හිතුනෙනෑ තමයි. ඒත් දැන්!!! යුද්දෙ ඉවරවෙලත් සෑහෙන්න කාලයක් වෙනවනෙ. ඒත් සල්ලි නෑ. මෙහෙම කියනකොට තවකෙනෙක් කියාවි දැන් තමයි රට සංවර්ධණය කරන්න පටන්ගත්තෙ, එතකොට ආණ්ඩුවටත් සෑහෙන්න වියදම්නේද, ඉතින් කොහොමද සලිදෙන්නෙ කියල. ඉතින් මේතත් සංවර්ධනයේ කොටසක් නොවෙයිද? අධ්‍යාපනය කියන්නෙ රටක මොනතරම් වටින, වැදගත් ආයොජනයක්ද. ඒකෙ තරම මෙච්චරයි කියල කාටවත් කියල නිමකරන්න පුලූවන්එකක්ද? ඒක එක රටවල් වලින් ණයට සල්ලි අරන් පිටරට ඇග‍්‍රිමන්ට්වලට යටවෙලා යකඩපාලම්, වරායවල් හදනව වගේද? අධ්‍යාපනය කියන්නෙ වියදමක් නෙමෙයි ආයෝජනයක්. ඒක අනෙක් හැම දේකටමත් වඩා වැදගත් වටිනාකමක්තියන මූලිකත්වය දියයුතු ආයොජනයක්. මේ සේරටම ජරමරවලට හේතුව මහකට්ටිය මේක හරියට තේරුම්ගත්තෙනැතිඑක තමයි.

     ඒකතා කොහොමවෙතත් මේරටේ සල්ලි මොනතරම් නිකරුනේ නාස්තිකරනවද? මහකට්ටියට පාටිදාන්න, හිතුන හිතුනවෙලාවට කතිර යුද්ද තියන්න, සුපිරි වාහන ගන්න, ඒවට තෙල්ගහන්න මොනතරම්නම් මේරටේ මිනිස්සුන්ගෙ සල්ලි නාස්තිකරනවද? ඒ විතරක්නම් මදෑ, මෝඩකමට හිතුවක්කාරකමට කිහිපදෙනෙකුගෙ පෞද්ගලික අවශ්‍යතාවෙනුවෙන් මේරටේ මහඋදවිය ගත්තු වැරදි දේශපාලන තින්දු, කරපු කියපු වැඩනිසා මොනතරම් මුදල් නාස්තිකරල තියනවද, දැනටත් නාස්තිවෙමින් තියනවද. ඔයගොල්ලන්ට ඒ මොනවද කියල අමුතුවෙන් මතක්කරන්න උවමනා නෑනෙ, කවුරුත්වගේ දන්නවනෙ ඒ මොනවද කියල.

     ඉතින් මේ පවු අපි කරගහන්න ඕනද? අපේ අම්මල තාත්තල දවසපුරාම ඔෆිස්එකේ, ෆැක්ටරියෙ, හේනෙ කුඹුරෙ, වැඩපලේ, මහපාරෙ වැඩකරල මොනතරම් අමාරුවෙන්ද මේ මුදල් හම්බකරන්නෙ. ආණ්ඩුවෙ ජොබ්එකක් කලත්, හේනක කුඹුරක වඩකලත් වෙන වෘත්තියක් කලත් ඒගොල්ලන් මොනතරම් කට්ටක් කනවද. ඒවිදිහට අපේ දෙමවිපියන්ගෙ අයියල අ්කකලගෙ ලේ, දහඩිය, කදුලූ බදුමුදල් විදියට එකතුකරන් ඒවම තමයි අපට නිදහස් අධ්‍යාපනය කියල වියදම් කරන්නෙ. එහෙමනැතුම මහඋදවියගෙ බූදලයක් නෙමෙයි. ඉතින් ඒ මුදල් කැම්පස්වලට වෙන්නොකර නිකරුනේ නාස්තිකරල නැවත වතාවක් ලැජ්ජනැතුම අපෙන්ම ඉල්ලනවනෙ. එතකොට තමයි අපටත් වදුරු කුණුහරුප මතක්වෙන්නෙ.

     දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ හොස්ටල් ගාස්තු කතාවගැන මොනව මොනවහරිටිකක් තේරුණානෙ. ඒගොල්ලන් මොනකතා කිවුවත් තීරණය තියෙන්නෙ අපේ අතේ තමයි. මේ දුශ්ඨ කි‍්‍රයාව පරාජය කරන්න ඕනි. ඒවෙනුවෙන් අපේ සහෝදර සහෝදරියො සේරම පෙලගැසෙන්න ඕනි. මෙක අපිට ගේමක් නෙමෙයි. මීට වසර කිහිපයකට කලින් අපේ මේ පීඨය ඇතුලෙ මුදල්ගෙවන පාඨමාලා ආරම්බකරන්න එක්තරා කිරිකාරයෙක් ලොකු ගේමක් දුන්නලූ. ඒකාලෙ අපේ අයියල අක්කල එකතුවෙලා ඒ ගේම බාරගෙන සටන්කරල තමයි වැඬේ ලස්සනට ගොඩදාල අද අපේ ෆැකල්ටිඑක අපට ඉතිරිකරල දීල තියෙන්නෙ. ඉතින් ඊලගට මෙතනට එන්න ඉන්න අපේ නංගිල මල්ලිලට අපි මෙතන ඉතිරිකරදීම අපේ යුතුකමක් වගේම වගකීමක් නොවෙයිද? ඔවු ඒ යුතුකමත් වගකීමත් දැන් අපි සියලූමදෙනාගෙ කරමතට ඇවිත් තියනව. ඒනිසා දැන් අපේලග තියෙන පොද්ගලික මතවාද, ප‍්‍රශ්න, ඇද-කුද පැත්තකින් තියල, මේ දුශ්ඨ කුමණ්ත‍්‍රණ්‍ය පරාජයකරන්න කවුරුත් එකාවගේ අත්වැල්බැ`දගමු. ඒ අභියොගය බාරගනිමු. අනුන්ගෙන් අපට ලැබුන හොස්ටල්එක ආණඩුවෙ බොඞ්මක් (පිට බෝඞ්මක්වගේ) කිරීමේ කුමන්ත‍්‍රණය පරාජය කරමු. අපේ වෛද්‍යපීඨයත් නිදහස් අධ්‍යාපන අයිතියත් රැුකගනිමු. ඒ වෙනුවෙන් නැගීසිටිමු.

----සංස්කාරක----

0 comments :

Post a Comment