Thursday, October 17, 2013

දෙවියන්ටත් බැරි වැඩ මෙන්න - ඇස පලාගෙන මොළයට බැස්ස පිහිය සාර්ථකව ඉවත්කෙරේ

 අප අද ජීවත්වෙමින් සිටින්නේ, ඉතිහාසයක් පුරාවට මෙන්ම මේ මොහොතේදීද දෛනිකව මිනිසාට මුහුනදීමට සිදුවතිබෙන සමාජීය ගැටලු අවබෝධකරගත නොහැකිව, ඒවාට විසඳුම් සෙවීමේ මග ලෙස මිත්‍යාව පසුපස හබායෑමට සිදුවතිබෙන සමාජයකය. දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම මෙම විමුක්ති මග තෝරාගැනීමට සිදුව තිබෙන සමාජයට එය එසේ නොවන බව පෙන්වාදීමටද ඔනෑතරම් නිදසුන් මෙම සමාජය තුලම දක්නට ලැබේ. එවන් සමීප නිදසුන් කිහිපයක් පසුගිය කාලයේ ගාල්ල කරාපිටිය ක්ශික්ෂණ රෝහලින් අසන්නට ලැබින.

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර දැරිය සුවපත් කිරීමට හැකිවූ බව ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.

දැරිවිය තම සහෝදර සහෝදරියන් සමග නිවසේ ක්‍රීඩා කරමින් සිටියදී පිහියක්‌ ද රැගෙන දිවගොස්‌ තිබේ. මෙහිදී පය පැටලී බිම ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව තිබේ. ඒ සමගම දැරියගේ දෙමාපියන් මෙම දැරිය ඉමදුව රෝහලට රැගෙන විත් තිබේ.

Monday, October 7, 2013

ලාංකික පිරිමියාගේ ජීවන දේශපාලනය ( කරන්න සිදුවන හෝ මුහුණ දෙන්න)


පුංචිම කාළෙ - සුභසාධන වාදය :

"කාන්න මයි අම්මා...තව කටක් කන්න...කාලා ඉක්මනට බණ්ඩිය පුලවගෙන පුතු ලොකු වෙන්න එපැයි...කන්න පුතේ..."

ඊට ටිකක් ලොකු වෙන කොට - ජාති වාදය :

" මෙහෙ දෙනවා ඕක...ඔය බැට් එක මගේ....අම්මේ මෙන්න මල්ලි මගේ බැට් එක ගත්තා.....ගහනව දත් කැඩෙන්න මගෙ බැට් එක දුන් නැත්තං... අම්මේ අයියට බැට් එකක් අරන් දුන්න නම්, මටත් එකක් ඕන..."

Thursday, October 3, 2013

සරසවි මහාචාර්යවරියක් සහ සිසු සිසුවියන් නිරුවත් විරෝධතාවයක

දකුණුදිග හංගේරියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් සහ සිසුවියන් ඔවුන්ගේ කථන පුහුණු මහාචාර්යවරිය සමග නිරුවතින් අධ්‍යන කටයුතු සිදුකරමින් විරෝධතාවක් පවත්වා තිබේ.

ඇඳුම් පැළඳුම් පිළිබඳව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විසින් පැණවූ නව නියෝගයකට විරෝධය පෑම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

කැපොස්වාර් විශ්වවිද්‍යාලයේ කලා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 10ක් පමණ නිරුවතින් සහ යට ඇඳුම් පමණක් හැඳ සිටිමින් මේ සඳහා සහභාගී වී තිබේ.

Wednesday, October 2, 2013

ලෝක ළමා දිනයට පසුවදනක්

ලෝක ළමා දිනය කියා අමුතු මෙව්වා එකක් නැත... ඒක ව්‍යාපාරික ලොවේ ප්‍රෝඪාවකි...

හදිසියේ වත් එහෙම එකක් තිබ්බා යැයි සිතුවත්,

අපේ රටේ ළමයින්ට නම් එහෙම එකක් ලොවෙත් නැත... අපේ රටේ ළමයින් බාරගෙන ඇත්තේ,

දරුවන්ගේ අනාගත පරම්පරාවල් පවා උගසට තබා ලබන මුදලින් සමර කෙළින නායකයන්ය...

ටයිටස් තොටවත්ත නම් යුග පුරුෂයාගේ නික්ම යෑමෙන් පසුව මාධ්‍යයෙහි සහ කළාවෙහි ළමා නිර්මාණ කරන්න බාර අරගෙන ඉන්නෙ, සිප්පි කට්ටක තරමේ නිර්මාණශීලිත්වයක් නැති, ළමයින්ගේ රෙදි ගලවා පෙන්වීමෙන් ආශ්වාදයක් ලබන බාළාපචාර කාරයන්ය...

Monday, September 30, 2013

දළඹුවෝ සහ මිනිස්සු




මිනිස්සුදිහා පැත්තකට වෙලා බලන් ඉද්දි මට වෙලාවකට මෙහෙම හිතෙනවා

මිනිස්සුත් හරියට දළඹුවො වගෙ

දළඹුවා ගස්වල කොළ කාලා කාලා ටික ටික ලොකු වෙද්දි

ඌ පටන් ගන්නවා උගේ වටේ කෝෂයක් හදාගන්න

ඌ ඒ කෝෂයෙන් තමන්ට වෙනම ඝණකමක් හදාගන්නවා

තමන් විතරයි කියලා හිතන්ඩ පටන් ගන්නවා

ඒ කෝෂය දළඹුවා ලෝකෙන්ම වෙන් කරනවා

මිනිස්සුත් පොඩි ළමයි වෙලා ඉඳලා ලොකුමිනිස්සු වෙද්දි

එක්කො තමුන්ගෙ දැනුම

නැත්නම් සල්ලි

වලින් සමාජ තත්ත්වය කියන කෝෂයක් හදාගන්නවා

පස්සෙ ඒ කොෂෙ ඇතුළෙ වෙනම එකෙක් කියලා හිතාගෙන ජීවත් වෙන්ඩ ගන්නවා

දළඹුවා මිනිස්සුන්ට වඩා දියුණුයි

ඌ දවසක කෝෂය බිඳගෙන එළියට ඇවිත්

සමනළයෙක් වෙනවා

ඒ කරලා නිදහසේ පියඹනවා

ඒත් මිනිස්සු ?

කවදා සමනල්ලු වෙයිද........?

Saturday, September 28, 2013

ආගම, දේශපාලනය හා ජනතාව...

100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ...

මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක් කරනවා... ?.. ටීචර් ඉස්කෝලෙ පන්තියෙ ඉස්සරහ පේළි දෙකේ කොන් දෙකේ ඉන්න දරුවො දෙන්නව ළඟට ගෙන්නලා ඒ දෙන්නට වාක්‍යයක් දෙනවා රහසෙන්.. ඒ දෙන්න දුවගෙන ගිහින් ඒ පේළි දෙකේ ඊළඟට ඉන්න දරුවන්ට කියන්න ඕන ඕක.. ඒ අය ඊ ළඟට ඉන්න අයට, ඒ අය ඊටත් ඊළඟට ඉන්න අයට... ඔහොම ඔහොම රහස පේළියෙන් පේළියට කටින් කණට, කටින් කණට යනවා... ගිහින්, පේළි සියල්ලගේම අන්තිමටම ඉන්න දරුවො දෙන්නා නැගිටලා දුවගෙන ඇවිත් ටීචර්ට කියනවා තමන්ට ඇහුනෙ මොකක්ද කියලා.. මතකද මේ සෙල්ලම?...

අපි ඉවරයි......!

මේ! අහපල්ලා! එන පොට හරිම හරි නෑ. අන්න උතුරේ දෙමෙල්ලු රටටම කෙළවෙන මගෝඩියක් පටන් ගන්න යනවලු.

මේ පාර උතුරු පලාත් අමාත්‍යවරුන්ට තෝරාගන්නේ ඒ ඒ ක්ෂේත්‍ර වල වෘත්තීය සුදුසුකම් තියන කට්ටිය විතරලු! පලාත් සෞඛ්‍ය ඇමති වෙන්න යන්නේ වෛද්‍යවරයෙක්ලු. පලාත් අධ්‍යාපන ඇමති වෙන්න යන්නේ උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂක කෙනෙක්ලු. තව මන්නාරමෙන් තේරුණ එකෙක් ඉංජිනේරුවෙක් ලු...

Wednesday, September 25, 2013

Who are you?

මම විද්‍යාර්ථියෙක්... but මම දැනුම ගවේෂණය කරන්න නම් ඒ හැටි කැමැත්තක් නෑ! දෙන notes 1 හොදට කට පාඩම් කරල , දෙන ස්වරය ඒ විදිහටම කියලා, දෙන පදය ඒ විදිහටම නටලා, දෙන cours works ඔක්කොම ඒ විදිහටම ඇදලා, කියන කියන හැම act 1 ම පුළුවන් තරම් හොදට රගපාලා, දෙන පදය ඒ විදිහටම ගහලා ජීවිතේ දිනන්න ඉන්න කෙනක්! මේ අවුරුදු 4 පුරාවට පැක් කර ගන්නා package 1, ජීවිත කාලේ පුරාවටම ආයෝජනය කරනවා. ඊට පස්සෙ ඒකෙන් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව...... ඊට වඩා දෙයක් මේ ජීවිතෙන් කරන්න නම් මට අදහසක් නෑ!

අපේ රටේ නම් හැමදාම එක එක ආතල් set වෙනවා... ඔව්, වැලිවේරියේ රතු පස් වල කේස් එකේදි මිනිස්සු තුන් හතර දෙනෙක්ම මැරුනා.. කොහොමත් ඉතින් අපේ රටේ 1 දවසකට මිනීමැරුම් 5ක් විතර අනිවා set වෙනවාමයි... ඒ විතරක්යෑ ලෝකෙම 1 දවසකට මිනිස්සු 25000 ක් බඩගින්න නිසාම මැරිලා යන්නේ.... අපෙ අම්මේ මම මොනවා....... කරන්නද ඕවට ?????????