Friday, June 1, 2012

අවාසනාවට ඇත්ත කතාවක්...

      මේ කතාවත් ඔය බොහෝ අය අසා ඇති. ඇඟ හිරිවැටෙන 99% කටත් වඩා අපට ආගන්තුක නොවන සාමාන්‍ය ජීවිතයේ අසන්න දකින්න ලැඛෙන ඇත්තටම අවාසනාවන්ත සිද්ධීන් රැසක් කාලයක ඉඳලා එෆ් එම් මීටරයක යනවා අපි ඒවාට අකමැතියි. ඒත් කැමතියි. අහගෙන ඉන්න අපි ඒකෙන් වින්දනයක් ලබනවා අනෙකාගේ පීඩාව දිහා බලලා වින්දනයක් ලබනවා. අපි ඒකට පුරුදුවෙලා තියෙන්නේ. අපි කවුරුත් කැමති අපිට වඩා පහළ ඉන්න කෙනෙක් පීඩාවට පත්වෙනවානම් මොකද ඒක අපිට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි ඒ පීඩාවෙන් යම් වින්දනයකුත් ලබනවා.


      දුබලයාගේ පීඩාව සතුටක් කරගෙන ඒ දුබලයාව පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුම අවස්ථා

Monday, March 19, 2012

ඇගේ කට උත්තරය...

     පසුගියදා මීලා ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ නියැලෙනවා යැයි සැකපිට අත්අඩංගුවට ගත්තේය. තවත් එවැනිම නිලියන් 20 පමණ මෙම වෘත්තියේ නිරතවන බව ඔවුන් පොලීසියට පවසා තිබුණි. මීට කලකට ඉහතදී ODEL ආයතනයේ ඇඳුම් සොරකම් කිරීමට ගොස් ප්‍රසිද්ධ නිළියක් අත්අඩංගුවට පත්විය. අය එම ආයතනය තුළ දණගස්වා තිබෙන ඡායාරෑපයක්ද එක්තරා වෙබ්අඩවියක් පලකර තිබුණි. පබා දික්කසාද විය.

     මේ සියල්ල ලියන විට යම් කුණු රසක්ද ඇතමෙකුට ඇතිවිය හැක. නළු නිළියන්ගේ ජීවිත කවදත් ගලාගියේ මෙවැනි හැල හැප්පීම් මැදින්ය. සමහර විට ඔවුන් නිළියන් වීම නිසා ඒ ප්‍රවෘත්ති හිට්වනවා වියයුතුය. කෙසේ වුවත් මීට කලකට ඉහත ජනප්‍රිය නිළියන්ව සිටි ගීතා, මාළනී අයගේද ජීවිතවලට එබී බැලිය හැකිනම් මෙවැනිදෑ සොයාගත හැකිවනු ඇත.

Tuesday, March 6, 2012

අධ්‍යාපනයේ අර්බුදය

     අපේ රටේ අධ්‍යාපනයෙහි ගැඹුරු වෙමින් පවත්නා අර්බුදයක් පවතින බව පැහැදිලිය. එය ආර්ථික, සමාජ හා දේශපාලන මානයන් ගන්නා වූ ද ඒ සම්බන්ධ විසඳුම පුපුරායනසුලූ ප‍්‍රතිඵල ගෙන දිය හැක්කා වූ ද අර්බුදයක් වේ. මෙම අර්බුදය නව ලිබරල් ධනේශ්වර සංවර්ධන මාවතේ පුළුල් රාමුව ඇතුළත ස්ථානගත කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේය. මෙම බහුවිධ අර්බුදය නිවැරැදි ලෙස තේරුම්ගෙන කි‍්‍රයාකළ හැක්කේ එවිට පමණි.


      අධ්‍යයන උසස් පෙළ විභාග ප‍්‍රතිඵල හා සම්බන්ධ වියවුල සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමැතිවරුන් හා ඉහළ පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත අධ්‍යාපන නිලධර තන්ත‍්‍රයේ අතිමහත් හා සමාව දිය නොහැකි අදක්ෂතාවය ය. සුපුරුදු පරිදි නිල ප‍්‍රතිචාරය වූයේ රෙජීමය අනුමත කරන හා සාධාරණීය කරන තවත් එක රබර් මුද්‍රාවක් බව සනාථ කරන්නා වූ ද ජනාධිපති කමිටුවක් පත්කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයක් ප‍්‍රතික්ෂේප කිරීමේ නිශ්චිත තත්්වය තුළ විශේෂයෙන් සිසු සිසුවියන් ඇතුළු පංගුකරුවන් ඔවුන්ගේ දුක්ගැනවිලි හා ඉච්ඡාභංගත්වය ප‍්‍රකාශ කිරීමට විරෝධය පෑමේ හා උද්ඝෝෂණයේ පිහිට පැතීමට යොමුවීම ස්වාභාවිකය. මෙම අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය කරනු වෙනුවට රෙජීමය කර ඇත්තේ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරනු ඇති අයට එරෙහිව ‘යුද තත්වයක්’ප‍්‍රකාශ කර තිබීමය. මෙම අරගලය බුරුලක් නොදක්වා වීදි කරා ගෙනයන ශිෂ්‍ය ව්‍යාපාරයේ නොසෙල්වෙන අධිෂ්ඨානය අගැයිය හා ආරක්ෂා කළ යුතු ය. රෙජීමය කි‍්‍රයාකර තිබෙන බලහත්කාර ආකාරය සමස්ත වියවුලම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා දේශපාලන වාතාවරණයක් ඇතිකිරීම පිණිස හා සාධාරණිකකරණය කිරීම පිණිස හිතාමතාම නිෂ්පාදනය කර තිබෙන එකක් බවට අනුමාන කිරීමට පදනමක් සපයයි. කාරණය සම්බන්ධ ඇත්ත කාරණය වනුයේ මෙම වියවුල දැන් සාමූහික මනෝමූල සමාජ සංජානනය තුළ පෞද්ගලිකකරණ ප‍්‍රශ්නය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවයි. 

Monday, March 5, 2012

අවුරුදු 49ක් තිස්සේ විඥානවාදයට එරෙහි කොවුර්ගේ අභියෝග එහෙමමයි

     කොවුර් මහතා තමන්ගේ මුල්ම ඔට්ටුව පුවත්පත් මගින් ප්‍රචාරය කළේ 1963 ජූනි මාසයේදීය. ඒ කවරයක බහා සීල් තබන ලද මුදල් නෝට්ටුවක අංකය කියන්නට පුළුවන් කෙනෙකුට රුපියල් 1,000 සිට රුපියල් 25,000 දක්වා මුදලක් ඔට්ටු අල්ලා දිනා ගන්නට පුළුවනි යන්නයි.

      මහානුභාව සම්පන්න මහා බල ඇති පුද්ගලයින් දැනුත් මෙලොව සිටින බවත්, විශේෂයෙන් එවැනි මහා සෘෂිවරුන් හිමාලය වනාන්තරය ආශ්‍රිතව ධ්‍යාන සුවයෙන් වාසය කරන බවත් පිළිගත් හින්දු භක්තිමතුන් ඇතුළු බොහෝ ආගමික අධික ශ්‍රද්ධා මතධාරීන්ට මෙය විශාල අභියෝගයක් විය. ලෝකයේ මොනම රටකවත් කිසිම නිදහස් මතධාරියකු, නිදහස් චින්තකයකු හේතුවාදියෙක් මෙවැනි අභියෝගයක් කවදාවත් කර තිබුණේ නැත.

Monday, January 23, 2012

අන්තරයට නැගෙන චෝදනා (අ.වි.ශි.බ.ම. කඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සමග පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි)

අපේ කතාබහට මෙහෙම ප‍්‍රවිශ්ට වෙමු. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ මොහොතේ සටන්පාඨය ගැන කතා කරමු.


     විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සටන් පාඨ හැමවිටම ලංකාවේ ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟත් එක්ක සම්බන්ධයි. මේ මොහොත දිහා බැලූවොත් ආණ්ඩුවේ ගමන් මග වැටිලා තියෙන්නෙ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හොදින් හෝ නරකින් කරන දිශාවට. එතකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ නිර්මාණය වෙන්නෙත් මේ කියන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් ජනතාවගේ ජීවිත පීඩාවට පත්වීමට එරෙහිව. එමෙන්ම මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව තමා කරන්න උත්සහ කරන්නේ. එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමත් අපේ සටන් පාඨයක්.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට, යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කප්පාදුවට, පාසල් වියදම් දෙමව්පියන්ගෙන් අය කිරීමට, උසස් පෙළ ප‍්‍රතිඵල අව්ලට,

Monday, January 9, 2012

ක‍්‍රමයේ මාරකය වූ ස්මාරකය

     ඇදගෙන නාන්න ළිඳට යා යුතුය. ගිලී කිමිදී නාන්නට යා යුත්තේ ගඟක්, ඇලක්, දොලක්, වැවක් වැනි විශාල ජලාශයකටය. ඕනෑනම් ළිඳට ගිහින් නිර්වස්ත‍්‍රවද නෑම කළ හැක. පරහකට තියෙන්නේ නාන තැනැත්තා හෝ තැනැත්තියගේ හෝ හෙලූව අනිත් මිනිසුන්ට පෙනීම පමණි.

      නිර්වස්ත‍්‍රව නෑමත් හෙලූව නොපෙනීමත් යන දෙකම එකවර ඉටුකර ගැනීමට සුදුසුම ක‍්‍රමය නම් වැවක නෑමය. ඒ සඳහා, සියලූම වැව් පහුකරගෙන වීරකැටිය බස් එකේ නැඟ

Saturday, December 31, 2011

තගෙන් බැරිනම් වැඩමුළුවෙන්

     1970 දශකයේ මුල් භාගයේ දී (1973) ලෝක පරිමාණයෙන් මතු වූ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නට ධනේශ්වර ක‍්‍රමයේ මුර දේවතාවන් යුහුසුළුව උපක‍්‍රම සොයන්නට විය. එහි දී 1975 දී නයිරෝබි නුවර පැවැත් වූ දේශනයක දී එවකට ලෝක බැංකුවේ සභාපතිවරයා වු රොබට් මැක්නමාරා මෙම අර්බුදයට විසඳුම ලෙස නව ලිබරල්වාදය දේශනා කරන ලදී. එහි ප‍්‍රධානම ක‍්‍රියාමාර්ග ලෙස සමාජ ආරක්‍ෂණ නීති ලිහිල් කිරීම, සමාජ සුබ සාධනයෙන් රජය ඉවත් වීම, නිෂ්පාදන හා සේවාවන් පෞද්ගලීකරණය ආදිය ප‍්‍රමුඛ ක‍්‍රියාමාර්ග ලෙස හඳුනාගත හැක.

Saturday, October 22, 2011

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 23 යි.

     2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක් පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.