Monday, March 19, 2012

ඇගේ කට උත්තරය...

     පසුගියදා මීලා ටෙලිනාට්‍යයේ රංගන ශිල්පිනියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ නියැලෙනවා යැයි සැකපිට අත්අඩංගුවට ගත්තේය. තවත් එවැනිම නිලියන් 20 පමණ මෙම වෘත්තියේ නිරතවන බව ඔවුන් පොලීසියට පවසා තිබුණි. මීට කලකට ඉහතදී ODEL ආයතනයේ ඇඳුම් සොරකම් කිරීමට ගොස් ප්‍රසිද්ධ නිළියක් අත්අඩංගුවට පත්විය. අය එම ආයතනය තුළ දණගස්වා තිබෙන ඡායාරෑපයක්ද එක්තරා වෙබ්අඩවියක් පලකර තිබුණි. පබා දික්කසාද විය.

     මේ සියල්ල ලියන විට යම් කුණු රසක්ද ඇතමෙකුට ඇතිවිය හැක. නළු නිළියන්ගේ ජීවිත කවදත් ගලාගියේ මෙවැනි හැල හැප්පීම් මැදින්ය. සමහර විට ඔවුන් නිළියන් වීම නිසා ඒ ප්‍රවෘත්ති හිට්වනවා වියයුතුය. කෙසේ වුවත් මීට කලකට ඉහත ජනප්‍රිය නිළියන්ව සිටි ගීතා, මාළනී අයගේද ජීවිතවලට එබී බැලිය හැකිනම් මෙවැනිදෑ සොයාගත හැකිවනු ඇත.
      එහෙත් ඉපැරණි පරම්පරාවෙත්, වත්මන් නව පරම්පරාවෙත් ඛේදවාඡක දෙක සැසඳූ විට එය පලමුවැන්නට වඩා වර්ධනයක් බව පහසුවෙන් හඳුනාගත හැක. මීට හේතුව කුමක්ද? සාමාන්‍යයෙන්, නළුවෙක්, නිළියක්, ක්‍රීඩිකාවක් වූවිට එවැනි අය ජීවත්වියයුතු යැයි සමාජයේ සම්මත “පාරිභෝගික ස්ථරයක්” ඇත. ඔවුන් පොලට ඇවිත් බඩු ගත්තොත්, බස් එකේ ගමනක් ගියොත්, කොළඹ අගනගරයෙන් පිට ජීවත් වුනොත්, අප ඔවුන්දෙස මැජික් එකක් බලන අයුරින් බලනු ඇත. ඔවුන් කැමතිවුවත් අකමැති වුවත් මේ සමාජයේ ජීවත්වනවිට මේ ‍පෝරියල් එක කෑ යුතුය. වරක් ගුණදාස කපුගේ මහතා Sunflower සමග ඔහුගේ ගීත ගායනා කල විට සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිවූ බව ඔබට සිහිපත්වනු ඇත. ඒ පිළිබඳ පසුකාලීනව කපුගේ මහතාගේ මිතුරකු කියාසිටියේ ඔහුට, විදේශගතව ඉගෙනුම ලබමින් සිටින සිය පුතුට මුදල් ලබාදීමට අන්යමක් කළ නොහැකි නිසා එසේ කළ බව ඔහු තමා සමග ඉතා කණගාටුවෙන් පැවසූ බවයි. කපුගේ වටිනා මිනිසෙකි. වමේ මිනිසෙකි. විකුණන, විනිණෙන මේ සමාජ ක්‍රමය තුළ කපුගේටත් එක් මොහොතක විකිනීමට සිදුවිය. අප ඊට උරණ නොවෙමු. එය යථාර්ථය බව පමණක් පවසමු.

     ඉහත නිළියන්ටද වී ඇත්තේ කුමක්ද? ඔවුන් බොහෝදෙනා රඟපාන්නේ මෙගා ටෙලිනාට්‍ය වලය. එම නාට්‍යයක් දිනක් රඟපෑවිට ගෙවන්නේ රුපියල් 5000 ක් පමණ මුදලකි. සමහරවිට ඔවුන් දිනක් රංගණය ඉදිරිපත්කරන කොටස්වලය ඇතිපදම් වෙළඳ දැන්වීම් යොදා සතිගනන් විකාශයකර ගොඩයන්නේ අධ්‍යක්ෂ වරයාය. නැත්නම් අදාල මාධ්‍ය අයතනයයි. එම නාට්‍යය තුල විශාල ශ්‍රම සූරාකෑමක් සිදුවේ. නාට්‍යවල රඟපාන නිසා ඔවන් නිළියන්ය. නිළියන් නිසා නිළියන් මෙන් ජීවත්විය යුතුය. එසේනම් නාට්‍යය නිශ්පාදකයාගෙන් නොලැබෙන මුදල් ඔවුන් තවත් ක්‍රමයකින් සොයාගත යුතුය. සමහරවිට මෙම නාට්‍යයකරුවන්ලඟ නිදාගැනීමට ද ඔවුන්ට සිදුවන අවසථා ඇත. තමන් වැටීඇති මේ උගුල පිලිබඳ ඔවුන් නොදන්නවා මෙන්ම, බාඳුරා ගොටුවට වැටුනවුන් සේ ඔවුන් ජීවත්වන බව සැබෑය. එහෙත් අඩුමතරමේ “ මචං අර නාට්‍යයයේ ඉන්නඑකා සතෙක්ලු බං” කියා සතුටුවන තමාවැනිම අසරණවූ තව මිනිසෙකුට අනුකම්පා නොකරන මනස්වලට මෙම කියවීම අවශ්‍යය යැයි සිතමු. ඇයට මුදල් ප්‍රමාණවත් නැත. ඇය කරන්නේ සිරුර විකිණීමයි. ඒ ඇය රංගණය තුළ නිපුන නිසාය. පාසල් ගුරුවරයාට වැටුප ප්‍රමාණවත් නැත. ඔවනු තෝරාගනුලබන්නේ ටියුෂන්ය. ඒ ඔවන් ඉගැන්වීමේ නිපුන නිසාය. වෛද්‍ය වරයාද “ දොස්තර මහත්තයා” යැයි ගැලපෙන මනොභාවයට ජීවත්වන්නට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැත. ඔවුන් තෝරාගන්නේ වෙදකම මුදලට විකිනීමයි. මේ සමාජය තුළ අප සැමට පොදු දෙයකි. යථාර්ථය එයයි.

     කපුගේ මහතා Sunflower සමග ඔහුගේ ගීත ගායනා කල විට, නිළියන් ගණිකා වෘත්තියේ යෙදී හසුවූවටි, වලිගය පාගාගෙන දැඟලීම නිවැරදි නොවේ. “ මක්නිසාද යත් අප සියල්ලන්ම එකම පන්තියක මිනිසුන්වන බැවිනි”

     අප සියල්ලනටම කෙලවී ඇතිබව පැහැදිලිය. එකෙකුට වූදෙයට සිනාසීම වැරදිය. මේ සිදුවන දෙවලට විරුද්ධනම් මනුශ්ෂත්වයට ගරුකරන, වෘත්තීය ගරුත්වය රැකෙන සමාජයක් වෙනුවෙන් පෙරට යා යුතුය.
ගිනිසිළුව ඇසුරිණි
සංස්කාරක

0 comments :

Post a Comment