Monday, January 7, 2013

Once upon a time in Mumbai (2010)

 එකමත් එක කාලයක මුම්බායි හි සිදුවූ සිදුවීමක් පාදක කොට නිර්මාණය වූ චිත‍්‍රපට අත්දැකීමක් වන once upon a time in Mumbai  පිළිබ සටහනක් තැබීමට අප කල්පනා කලේ එහි කියවෙන කතාව හරහා වත්මන් මොහොත තුළ ලංකාවේ සිදුවන සමගාමී සිදුවීම් පිළිබ යම් සංවාදයක් ගොඩනගාගැනීමේ අදහසිනි. 

මෙහි කතාව ගොඩනැගෙන්නේ Sulthan Mirza  නම් ව්‍යාපාරිකයෙක් වටාය. ඔහු ඉන්දියාවට නිදහස ලබා අවුරුදු කිහිපයකට පසු මෙලොව එළිය දුටුවෙකි. දෙමාපිය සරණක් නොමැති අසරණයෙකි. නැවක ළමා මෙහෙකරුවෙකු ලෙස පේස 25ක පමණ ඉතාම අඩු පඩියකට රැකියාකරන මේ නොදරුවා නොබෝ කලකින්ම මංකොල්ලකරුවන්ගේ ප‍්‍රමුඛ ගෝලබාලයෙකු බවට පත් වී අවසන මුම්බායි නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරිකයෙකු බවට පත්වේ. ඔහු සිය නායකත්වයෙන් Mafia සංවිධානයක් ගොඩනගයි. නමුත් මොහු මෙහි දැක්වෙන ආකාරයට සරදියෙල් පන්නයේ පුද්ගල ස්වභාවක් සහිත අයෙකි. දුප්පතුන්ට උදව් කරන අයෙකි සොරකමේ දීද යම් යම් ප‍්‍රතිපත්තීන් රකින්නෙකි. 

උදාහරණයක් ලෙස ඔහු ප‍්‍රතිපත්තියක් ලෙස මත්ද්‍රව්‍ය වෙළඳාම නොකරයි. මෙහි අන්තර්ගත මෙහුගේ කතාව කියන්නේ Agnal නම් පොලිස් පරීක්ෂකයෙකි. AgnalSulthan Mirza ව කොටුකරගත නොහැකි වන්නේ  ජනතා සහය Sulthan Mirza ට ලැබෙන නිසාවෙනි.Sulthan Mirza   ගේ සිහින කුමරිය වන්නේ Rihana නම් නිලියයි. කෙසේ හෝ අවසන ඇය ඔහුගේ පෙම්වතිය වන්නේය. මෙහි අනෙක් ප‍්‍රධාන චරිතය වන්නේShoib ය ඔහු Agnal යටතේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ පුතෙකි. ඔහු නියෝජනය කරන්නේ Sulthan Mirza ගේ අඩිපාරේ යන මීලඟ පරම්පරාවයි. Shoib ට  ද පෙම්වතියක් සිටී. Shoib හො මිනිසෙක් කිරීමට පියාට නොහැකි වන හෙයින් අවසන ඔහු බාරදෙන්නේ Sulthan Mirza ටයි. එහිදී අවසන ඔහු Sulthan ගේ හොම ගෝලයා බවට පත් වේ. Rihanaගේ අසනීපයකට ප‍්‍රතිකාර කිරීමටSulthan ට විදෙස්ගත වීමට සිදු වේ. එහිදී ඔහු සිය වගකීම් පවරා යන්නේ Shoib ටය මේ කාලසීමව තුළදී shoib සංවිධානය තම ප‍්‍රතිපත්ති අනූව මෙහෙයවයි. එහදී ඔහුට Sulthan Mirza ගේ ප‍්‍රතිපත්ති  අදාලවන්නේ නැත. මෙහි අවසන Sulthan Mirza දේශපාලනයට ඇතුල්වීමට යයි. එහි දී ඔහුගේම ප‍්‍රධාන ගෝලයා වන shoib ගේ වෙඩි පහරින් ඔහු මිය යයි. ඒ සමගම shoib සංවිධානයේ නායකයා බවට පත් වේ. 

අප මෙම චිත‍්‍රපටය ගැන කතා කරන්න හිතුවෙ ඇයි කියල දැනටමත් ඔබට ප‍්‍රශ්ණයක් පැන නැගිල ඇති. මොකද සාමාන්‍යයෙන් මෙහි කතා සාරාංශය ගත් විට එහි අමුතු වෙනසක් නැත. නමත් මේ හරහා මේ දවස් අපේ රටේ කතාවෙන බොහොමයක් ගැටලුගැන වෙනස් කියවීමක් සිදුකරන්න අප බලාපොරොත්තු වෙමු. 

මේ මොහොතේ අපේ අම්මලා තාත්තලා වගේම අපට තියෙන ලොකුම ගැටළුවක් තමයි කොහොමද මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ අය සමස්ථයක් වශයෙන් ගත්තොත් වර්තමාන ලංකාවේ දේශපාලකයෝ බලය පවත්වගෙන යන්නේ කියල සාමාන්‍යයෙන් ඔනෑම ලංකාවේ පුරවැසියෙකුගෙන් ඇහුවොත් කියන්නේ දේශපාලඥයෝ තමයි රට කන්නෙ කියල හැබැයි ඡුන්දයක් ආවම මනාප වලින් අංක එකට එන්නේ මේ විධියට මිනිස්සු වැඩිපුරම බනින අය. ඊලඟට ඡුන්දෙන් පස්සෙ අහල බැලුවම මෙයාලට ඡුන්දෙ දුන්න කවුරුවත් නෑ. ඉතින් මොකක්ද මේ විසංවාදේ. දැන් ඔයාල අපි කතා කරන චිත‍්‍රපටියේ සමාන්‍ය කතා සාරාංශය දන්නවා. අපි ඇහුවොත් මේ කතාවෙ වීරයා කව්ද කියල අනිවාර්යෙන්ම කියයිSulthan Mirza කියල. මොකද මේ ධනවාදී සමාජයේ ජීවත් වෙන අපි හැම කෙනෙක් ඇතුලෙම Sulthan Mirza කෙනෙක් ඉන්නව මොකද මේ සමජයේ අපිට හදන හීන හැබෑ කරගන්නනම් අපිට අවසානෙ යන්න වෙන්නෙSulthan Mirza ගාවට හරියට Shoib  ට උනා වගේ. 

උදාහරණයක් විධියට රුකියා විරහිත උපාධිධාරියෙක් හරි උසස් පෙළ සමතෙක් හරි  ඕනම කෙනෙක් ප‍්‍රාදේශීය දේශපාලඥයා ගාවට යනවා වගේ බොහෝ වෙලාවට මේ අය එක්ක යන්නේ දෙමාපියන් විසින්මයි. හරියට Shoib ගේ තාත්ත වගේ. ප‍්‍රශනෙ තියෙන්නෙ Shoib ගෙ තාත්ත තමයි හොටම දන්නේ Sulthan Mirza කියන්නෙ කව්ද කියල මොකද ඔහු පොලිස් කොස්තාපල් කෙනෙක්නේ. දැන් අපේ රටේ අම්මලා තාත්තලා ප‍්‍රදේශීය දේශපාඥයන් ගැන හොටම දන්නව වගේ අදාල දේශපාලඥයාට බාර් කීයක් තියෙනවාද කොහොමද එයා දියුණු උනේ වගේ විස්තර. දැන් පැහැදිළියි නේද බොරුවට මර්වින්ලට දුමින්දලාට බැන්නට Sulthan Mirza  වගේම මොවුන් අපේ වීරයන් වෙලා ඉන්න හැටි.Sulthan Mirza  ගේ පෙම්වතිය තමයි Rihana ඇය සුප‍්‍රසිද්ධ නිළියක් ඉතින් මේ දකින Shoib ලගෙ පරම්පරාවෙ Sulthan වීරයෙක් නෙවෙයිද? මොකද වත්මන් ධනවාදය තුළ බොහෝ විට අපි වෙනුවන් හිතන්නේ අපි වෙනුවෙන් තීරණ ගන්නේ අපි වෙනුවෙන් සතුටුවෙන්නේ අපි නෙවෙයි අපිට පිටින් ඉන්න අය. චිත‍්‍රපටියේ ගීතයක එක් කොටසක තියෙනවා Shoib සිය පෙම්වතිය සමග සිනමා ශාලාවකින් එළියට එන විට දකිනව ඔවුන් නැරඹු චිත‍්‍රපටියේ නිළිය ගේ ඡුායාරූපයක් Shoib මේ දිහා බලා ඉන්නවා පසුව ඔහු ඇයට එම නිළිය ඇ සිටි ආකාරයේම ඇඳුමක් අරන් දෙනවා ඉන් පසු දර්ශනයේ තියෙන්නේ ඔහු ඇය හා සමග එම ඇඳුම සමගම ඇය සිප ගන්නා දර්ශණයක්. Sulthan නිළියක් සමග සිටීමේ සිය හීනය සැබෑ කරගත්ත නමුත් Shoib ට එක බැරි වෙනවා හැබැයි ඔහු ඒක වෙන විධියකට කරනවා. මේක තමයි වත්මන් ධනවාදයේ ස්වභාවය. හෙගල් කියන දාර්ශනිකයා තමයි මේක දාර්ශනිකව ඉදිරිපත් කළේ. උදාහරණයක් විධියට අපිට ක‍්‍රීඩා කරන්න වෙලාව නැහැනෙ මොකද පාසල් ශිෂ්‍යයෙක් නම් උදේ ඉදන් හවස් වෙනකම් tuition විශ්වවිද්‍යාලෙනම් එක්කො assignment නැත්නම් exam මේ  හින්ද අපට සිදුවෙන්නේ ක‍්‍රිස් ගේල්ල, යෝෂිත රාජපක්ෂල ක‍්‍රීඩා කරන දිහා බලල සතුටු වෙන්න. අපිට ආදරේ කරන්න වෙලාව නැති හින්ද මලී බලල සතුටු වෙන්න. මොකද මේ සමජයේ කවදාවත් දුප්පත් කෙල්ලකට ප‍්‍රදේශීය ලේකම් කෙනෙක් පෙම්වතෙක් වෙන් නෑනේ. හැබැයි මලී නට්‍යයේ තියෙන්නෙ එහෙම ආදර කතාවක් දුමින්ද සිල්වාට වගේ අනර්කලී යාලුවෙන්න පුළුවන් උනාට එක්ක යාලුවෙන්න බෑනේ සාමාන්‍ය තරුණයෙකුට ඒක බෑනේ ඉතින් උඩින් බැන්නට  Sulthan වගේම දුමින්ද, නාමල් වගේ අය ඉන්දියාවේ Shoib ලගෙ වගේම අපේ රටේ තරුණයන්ගේ වීරයෝ නෙවෙයිද? ඉතින් එයාල මනාප වල එකට එන එක අරුමයක්ද? ඉතින් Face book එකෙන් මේයාලගේ මොන කුපාඩිකම් ගැන කිව්වත් පාර්ලිමේන්තුවේ දේශපාලන සාකච්ඡුා වල මොනවා කිව්වත් ඒකෙන් මේව වෙනස් වෙයිද? චිත‍්‍රපටියේ එක තැනක තියෙනවාSulthan  හා Rehanaඑකට ඉන්න ඡායාරූපයක් පුවත්පතක මුල් පිටුවේ පලවෙනවා. ඇත්තටම වෙන්නේ ඒකෙන් Sulthan ගේ ජනප‍්‍රියත්වය තවත් වැඩි වෙන එක. ඉතින් ලංකාවෙත් එහෙම නෙවෙයිද නැත්නම් අකුරුස්සෙ ස්ත‍්‍රී දූෂණ චෝදනා ලැබූ ප‍්‍රාදේශීය සභා  මන්ත‍්‍රීවරයා වෙනුවෙන් එම ප‍්‍රදේශයේ බඩ දරු අම්මලා පාගමන් ගියේ කොහොමද?

මෙම අපි කතා කරන චිත‍්‍රපටියේ එන තවත් සුවිශේෂී චරිතයක් තමයි Shoib ගේ පෙම්වතිය ඇය සේවය කරන්නේ රන් ආභරණ වෙළ`දසැලක වරක් Shoib විසින් සොරකම් කළ රන් මාලයක් ඇයට තෑගි දෙනවා ඇය එම මාලය පැළඳගෙන සිය රැුකියාව කරනවා. ඒ අතර මාලය අයිති කාන්තාව දිනක් රන් භාණ්ඩ මිලදී ගැනීමට එම වෙළඳසැලට ගොඩවෙනවා මෙහිදී සිය මාලය දැක Shoib ගේ පෙම්වතිය හා රන්ඩුවකට පැටලෙනවා එහිදී Shoib ගේ පෙම්වතිය Shoib ළ`ගට එම කාන්තාව රැුගෙන යනවා. එහිදී Shoibසොරෙකු බව ඇය දැනගන්නවා. නමුත් එය ඇගේ හා Shoib ගේ පේ‍්‍රමයට ප‍්‍රශ්නයක් කරගන්නේ නෑ. ඒ ඇයි ඇත්තටම මුම්බායේ දී ඇයට ඊට වඩා හොඳ පෙම්වතකු හමුවෙන්න විධියක් නැති බව ඇය දන්නා නිසා. මිනිස් සාරය ඉවත් කර දැමූ සමාජයක දී යතාර්තය වන්නේ මෙයයි.Sulthan Mirzaලා වීරයන් වූ සමාජයක තරුණියන්ට හමුවන්නේ Shoib වැන්නවුන් මිස රොමියෝලා නොවේය. අනෙක් අතට එවැනි සමාජයක ජුලියට්ලාද සිටිය නොහැක. වත්මන් ලාංකේය සමාජයේ තම දරුවන් වෙනුවෙන් දිවා රැු වෙහෙස වෙන දෙමාපියන්ට නොතේරෙන්නේ තමන්ගේ දරුවන් මුහුනදෙන මෙම බරපතල සමාජ ඛේදවාචකයයි. දරුවන් කොපමණ දහම් පාසල් යැව්වත් දෙමාපියන් කොපමණ භාවනා පංති වලට ගියත් සිල් ගත්තත් වත්මන් ධනවාදී ලංකාව තුළ ඔබේ දියණිය තෝරාගන්නා පෙම්වතාද Shoib කෙනෙකුන් වීම ඇයගේ හෝ ඇය තෝරාගත් ඔහුගේ වරදක් නොව සමාජ ක‍්‍රමයේ වරදකි. එය වැලකිය නොහැක. 

මෙහි Sulthan Mirza ගේ කතාව අප වෙත ගෙන එන Agnal වෙත හැරුනොත් ඔහු කල්පනා කරන්නේ ද මේ ලිපිය කියවන ඔබ මේ වන විට සිතන පරිදිම මේ සියළුම ඛේදවාචකයන්ට මුල Sulthan Mirza නිසා ඔහුගෙන් පසු මෙම ප‍්‍රශ්නය විසෙඳනු ඇති බවයි. හරියටම පහුගිය කාලෙ අධ්‍යාපනයේ ප‍්‍රශන වෙනුවෙන් JVP එකෙන් SB බන්දුල ගෙදර යනු කියල පෝස්ටර් ගැහුව වගේ. ඉතින් එහෙම හිතල ඹහු කරපු දේ තමයි Shoib ගේ වැරදි ගනන්නොගෙන සිටීම අවසානයේ Sulthan Mirza ව මරාShoib පාතාලයේ බලවතා වීමයි. මෙම චිත‍්‍රපටය ආරම්භ වන්නේ සිය වරදවා තේරුම් ගැනීම නිසා අවසානයේ සිදු වූ විනාශය ගැන කලකිරී Agnal සිය දිවි තොර කර ගැනීමට ගිය උත්සහයකිිනි. ඉන් පසු  Once upon a time in Mumbai  ලෙස  දිග හැරෙන්නේ Agnal විසින් ලබා දෙන කටඋත්තරයයි.

2 comments :

Unknown said...

meka liyapu eka patta modayek. eya kohomada upakalpanaya karaanne eka marayek iwara unawama okkoma prashna iwaray kiyala kiyawana kena hithanawa kiyala.thuttu deke hindi film ekak balala eka galapanna try karanawa JVP ekata gahanna. ay oyata okatama galapanna thibunane malabe pmc eka wahanna kiyala leaflet bedapu ekata. oka wehuwa kiyala prashne wisadenne nane. meeta kalin keeyak wahuwada?

Sapumal said...

Excellent Article. Thank you so much.

Post a Comment