Saturday, January 11, 2014

සෙල්ලම් කරමින් සිටි සුපුනි අසලට පැමිණි භූතයා

සත් හැවිරිදි දැරියක වූ සුපුනි සාලයේ ඇගේ සෙල්ලම් බඩුත් සමග සෙල්ලම් කරමින් සිටියේ තනිවමය. මේ මොහොතේ නිවසේ සිටියේ සුපුනිත් ඇගේ මවත් පමණි. මව මුළුතැන්ගෙයි වැඩක නිරතව සිටි අතර ඇය දියණිය රඳවා ගෙන සිටියේ තමන්ගේ දෑසට පෙනෙන මානයේය. එකවරම සුපුනි මහත් තැති ගත් ස්වභාවයකින් දුවගෙන විත් මවගේ පිටුපසට මුවා වී ඇය දැඩිව අල්ලා ගෙන සිටියේ තමා පසුපස කිසියම් බියකරු සතකු එලවාගෙන ආ විටෙක බඳු ස්වභාවයකිනි.

"මොකද දුවේ ? ඔයා කාටද බය වුණේ?" ආදී වශයෙන් මව දියණියගේ සිරුරට තට්ටු කරමින් ඇසුවත් සුපුනි සිටියේ මව අසන කිසිවක් පිළිබඳ අවධානයකින් තොරවය. කෙටියෙන් කිවහොත් සුපුනි වික්ෂිප්ත ස්වරූපයකින් මව දැඩිව අල්ලා ගෙන සිටියාය. කෙසේ හෝ තත්පර ගණනක කාලයක් තුළ සුපුනි සාමාන්‍ය තත්ත්වයට පත් අතර ඉන්පසු මඳක් වටපිට බලා යළි සෙල්ලම් බඩු අතරට දිව ගියාය.

දියණිය කුමකට හෝ බිය වන්නට ඇතැයි සිතූ මව ඇය තත්පර ගණනක කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු යළි ඒ ගැන සිතන්නට උත්සාහ කළේ නැත. නමුත් තවත් දෙදිනකට පමණ පසු ඒ තත්ත්වයම ඇති විය.

Sunday, December 8, 2013

සෝමාවතියේ බුදුරැස්

සෝමාවතී මහා සෑයෙන් බුදු රැස් විහිදෙන බව මීට දෙසතියකට පමණ පෙර ලංකාව පුරා පෝස්ටර් අලවා බෞද්ධ රටවැසියාට දැනුම් දී තිබුණි. මේ මහා උත්සවයට සති තුනකට පමණ පෙර පැවති තවත් උත්සවයක දී, කොළඹ සිට බුද්ධ රූපයක් සෝමාවතිය දක්වා වැඩමවාගෙන ගොස් තැන්පත් කෙරුණි. එදා මොරසූරන වැසි දවසකි. මේ පින්කමේ දී එක් භික්ෂූන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වන අතරවාරයේ අහස දෙදරා ඈතින් විදුලි කෙටුවේය. ඒ අස්සේ, බොහෝ දෙනා ඡායාරූප ගනිමින් සිටියහ. කැමරාවලින් විහිදෙන පුපුරු එළි සහ අහසේ කෙටෙන විදුලි එළි දුටු දේශක භික්ෂූන් වහන්සේ එහි සිටි සැදැහැවතුන් අමතා, 'සෝමවතිය අරා බුදු රැස් විහිදෙන අසිරිය නරඹන්නැ' යි කීහ. ඒ මොහොතේ, එතැන සිටි දහස් ගණන් බැතිමත්තු දොහොත්මුදුන් දී පළාතම දෙවනත් වන සේ සාධුකාර දුන්හ. උපන් දා සිට දැක ඇති ස්වභාව ධර්මයේ සාමාන්‍ය ප්‍රපංචයක් වන විදුලිය කෙටීමක් පවා, අවශ්‍ය කරන මුළාවේ නියම මාත්‍රාව තුළ මෝහනයට පත් වූ විට, බුදු රැස් වශයෙන් දකින්නට තරම්, මේ සැදැහැවත්තු එදා පින්වත් වූහ.

දෙවැනි දවසේ (පසු ගිය 8 වැනිදා) උත්සවයට ද ලක්ෂ ගණන් බැතිමත්තු සෝමාවතියට රැස් වූහ. එදා ද මහ වැසි වැස්සේය.-

-පෙර දා මෙන් නොව, මහවැලි ගඟ උතුරා ගොස් පාරවල් ද යට වුණේය.

දස දහස් ගණන් සැදැහැවත් ජනයා ආපසු ගම රට බලා ඒමට නොහැකිව සෝමාවතී භූමි භාගය තුළ හිර වූහ. මහා පින්කම අවසන් වන විට දෙන්නෙකු මියගොස් සිටියහ. තවත් විසි ගණනක් තුවාල ලබා රෝහල් ගතව සිටියහ.

Sunday, November 24, 2013

මොනවද මේ අලූත් භාෂාව - උපුල් ශාන්ත සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගල
”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.

එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.

පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.

(ස්වකැමැත්ත + දේවකැමැත්ත + බලහත්කාරය + ළමා අපචාර) ද?

නෑ නෑ බන් , අපිනම් කියන්නේ මේවා කරන්නේ ඒ ලමයින්ගේම හොදට, ඉපදුනු දවසේ ඉදල ආගමකට ලේබල් කරා මදිවට තව මේ වගේ හිරිහැර වෙන්නෙත් උන්ගේම හොදට. නැත්තන් උන් නිවන් දකින්නේ කොහොමද? දෙවියන්ගේ ස්වර්ග රාජ්‍යයට යන්නේ කොහොමද? ලේසි ප්‍රශ්නද අප්පා ඔව්වා ? උන්ට කොහෙද ඒක තේරෙන්නේ.. උන් ඔය කටවල් ඇරගන බෙරිහන් දෙන්නේ එකනේ. උන් අදාළ වයසට ආවම හරි කියල හිතුනොත් විතරක් අපේ ආගම අදහන්න දෙන්න පුලුවන්ද? පොඩි කාලේ ඉදලම උන්ගේ මොළ හෝදලා හරි අපේ ආගම පොවන්න ඕනේ. අපේ ආගමනේ බොල හරි ආගම. උන් මැරිලා අපායේ යයිනේ හරි ආගම ඇදහුවේ නැත්තන්. උන්ට මේවා නොතේරුනාට උඹලට තේරෙනවනේ... නැද්ද මන් අහන්නේ?

Thursday, November 14, 2013

ආදරය විකිනීමට හෝ බදු දීමට දැන් වෙළඳපලේ...

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතා වලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගතහැකි සේවාවක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වෙනවා.

එම වෙබ් අඩවියේ සැරි සැරූ අපට දැකගන්නට හැකි වුයේ පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැකි බවයි.

මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කරන්නට පුළුවන. දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකියි.

Tuesday, November 12, 2013

කලාකරුවෙක් තම වෘශණ කෝෂවලට ඇණගසාගනිමින් නිරුවත් විරෝධතාවක

ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ලනු ලැබුවේය.

සියවස් ගණනාවක් තිස්සේ රතු චතුරශ්‍රය ප්‍රසිද්ධියේ දඩුවම් දීම් හා හමුදා ආචාර පෙළපාලි යනාදියට වෙන්ව තිබුණත් මෙම කලාකරුවා විරෝධය දක්වනු වස් සිය අණ්ඩ කෝෂයන් රතු චතුරශ්‍රයේ වටකුරු ගලකට තබා ඇණ ගසා ගනිමින් කළ වේදනාකාරී රංගය රතු චතුරශ්‍රයට නව මානයක් ගෙන දුන්නේය. ආටෝගේ කුරිරු රංගය එය සැබැවින්ම මිහිමතට ගෙනායේය.

Monday, November 11, 2013

සරසවි වසා පව් සෝදා ගැනීම

පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කෙළේ් නොවැම්බර් 9 දා සිට 17 වනදා දක්වා විශ්වවිද්‍යාල වසා තබන බවයි. මෙම පියවර මගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන්නේ පාලකයින් ‘චෝගම් මේනියාව’ නමැති සුළි සුළඟට හසුවී තමන් පිළිබඳව වූ තක්සේරුව මෙන්ම තර්කානුකූලව සිතීමට ඇති හැකියාවද මුළුමනින්ම අහිමි කරගෙන ඇති බවයි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රකාශ කළ බවට මාධ්‍යවල වාර්තා කරනු ලැබ තිබුණේ ‘චෝගමයට’ අදාළ විවිධ ක‍්‍රියාකාරකම්වලට සහභාගීවන, සහ ඒ හේතුවෙන් සිය අධ්‍යන කටයුතුවලට බාධාකරගැනීමට අකමැති, විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගෙන් ලැබුණු විශාල ඉල්ලීම් ප‍්‍රමාණය සලකා බලා මෙම නිවාඩු කාලය ප‍්‍රකාශයට පත්කළ බවයි. තවත් මාධ්‍ය වාර්තාවකින් කියැවුණේ විශ්වවිද්‍යාල සිසුන්ට ‘චෝගමය’ පිළිබඳ ‘අධ්‍යයනය කිරීමට’ හැකිවීම පිණිස මහාචාර්ය හිරිඹුරේගම විසින් මෙම නිවාඩු කාලය ප‍්‍රදානය කර ඇති බවයි.

Sunday, November 10, 2013

විද්‍යාවෙන් අවිද්‍යාවටද?

විද්‍යාව හා විද්‍යාත්මක පර්යේෂණ මානව සමාජයේ පොදු අයිතියකි. මිනිසා මේ දුර ගමන පැමිණ ඇත්තේ, ලෝකය තේරුම් ගනිමින් සොබාදහම තුල සිදුවන අනේකවිධ සිදුවීම්වල හේතුව, අන්තර් සම්බන්ධය හා ඒවා මිනිසාගේ යහපැවැත්ම සඳහා යොදා ගන්නේ කෙසේදැයි සොයාබැලීම වෙනුවෙන් අඛණ්ඩව කරනු ලබන පොදු ජනයාගේ හා පර්යේෂණයන්ගේ නොනවතින උත්සහයන් විසිනි. එහෙත් පවතින ක්‍රමය තුල එම පර්යේෂණයන්ට විද්‍යාත්මක අරමුණක් නොව වෙළඳපොල අරමුණක්දීම ධනවාදයේ ස්වභාවයයි. එම වෙළඳපොළ අරමුණු වෙනුවෙන් පර්යේෂණ වල දත්ත හා සොයාගැනීම් විකෘති කිරීම අද විද්‍යාව මුහුණදී ඇති බරපතළම අර්බුදයයි. පොදු ජනයාද විද්‍යාඥයාද විද්‍යාවේ අයිතිය වෙනුවෙන් සටන් කල යුතු කාලයක් අප ඉදිරිපිට නිර්මාණයවී ඇත.