Thursday, October 3, 2013

සරසවි මහාචාර්යවරියක් සහ සිසු සිසුවියන් නිරුවත් විරෝධතාවයක

දකුණුදිග හංගේරියාවේ විශ්වවිද්‍යාලයක සිසුන් සහ සිසුවියන් ඔවුන්ගේ කථන පුහුණු මහාචාර්යවරිය සමග නිරුවතින් අධ්‍යන කටයුතු සිදුකරමින් විරෝධතාවක් පවත්වා තිබේ.

ඇඳුම් පැළඳුම් පිළිබඳව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විසින් පැණවූ නව නියෝගයකට විරෝධය පෑම මෙහි අරමුණ වී ඇතැයි පැවසේ.

කැපොස්වාර් විශ්වවිද්‍යාලයේ කලා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් 10ක් පමණ නිරුවතින් සහ යට ඇඳුම් පමණක් හැඳ සිටිමින් මේ සඳහා සහභාගී වී තිබේ.

ලබන සතියේ සඳුදා දින ද නාන තුවා අඳිමින් අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වන බව ඔවුන් මාධ්‍ය වෙත පවසා ඇත.


මූලාශ්‍ර - www.usatoday.com

0 comments :

Post a Comment