මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.
අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.
මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.