Friday, March 28, 2014

පිටිදූවේ සිරිධම්ම හිමි දිනුම් ?

පිටිදූවේ සිරි ධම්ම හිමි ආන්දෝලනාත්මක භික්‍ෂු චරිතයකි. "මම රහත් මි" උන්වහන්සේ කළ ප්‍රකාශයක්‌ මෑත භාගයේ සංඝ සමාජය තුළ මහත් වියවුලක්‌ ඇති කළේය. කෙනෙකු රහත් භාවයට පත්ව ඇත්ද නැත්දැයි සොයන්නට ක්‍රමවේදයක්‌ ලොවෙහි නැත. සාමාන්‍ය බෞද්ධ පිළිගැනීම නම් රහතුන් වහන්සේ නම ඒ බව ප්‍රකාශ නොකරන බවයි. එහෙත් සිරිධම්ම හිමි තමා රහත් යෑයි ප්‍රකාශ කරයි. එය නැතැයි අසත්‍යයකැයි අප කියන්නේ කෙසේද? එබැවින් තාර්කිකව බැලුවහොත් සිරිධම්ම හිමි දිනුම්ය.

මස්‌ මාංශ අනුභවය අකැප නොවේදැයි පුවත්පත් කලාවේදිනියක්‌ සිරිධම්ම හිමි ගෙන් අසා තිබුණි. ඊට පිළිතුරු දෙමින් එහිස්මි කියා තිබුණේ තමා විසින් සතුන් මරා අනුභව කරන්නේ නම් එය වරදක්‌ බවත්, එසේ නොවී ලැබෙන මස්‌ මාංශ අනුභව කිරීම වරදක්‌ නොවන බවත්ය. මස්‌ කෙසේ වෙතත් මාළු අනුභව නොකරන භික්‌ෂුන් වහන්සේලා සංඝ සමාජයේ සිටින්නේ අතළොස්‌සක්‌ පමණි. ඉදින් සිරිධම්ම හිමි වැරැදි යෑයි චෝදනා කරන්නට අපේ භික්‌ෂු සමාජයට ශක්‌තියක්‌ තිබේද? දානයට මොණර මස්‌ වැළ» භික්‌ෂුන් වහන්සේලා ගැන කතාන්දර බෞද්ධ සාහිත්‍යයේ එමට තිබේ. එසේ නම් මස්‌ මාංශ වැළඳීම අපට නරක ඇයි දැයි ප්‍රශ්න කිරීමේ වරදක්‌ නැත.

Tuesday, March 25, 2014

චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකිය බොරුවෙයි

25 දිනය වනතෙක්ම අභිරහසක්ව පවතී මැලේසියානු ගුවන් සේවයේ MH307 ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ අනාවැකි පළවූ අතර ඒ අතර ජෝතිෂ්‍යය අනාවැකිද බහුල විය.

නැතිවූ ගුවන් යානය සම්බන්ධයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔස්සේ හෝඩුවා ලබාදීම විදෙස් රටවලින් ආරම්භ වූ අතර එවන් අනාවැකි වලට ලැබුණු ප්‍රචාරයන් හේතුවෙන් ලංකාවේ ජෝතිෂ්‍යවේදීන් ද අතුරුදන්වූ ගුවන් යානය පිළිබඳව අනාවැකි පළකරන්නට විය.

පසුගියදා රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටි ලංකාවේ ප්‍රවීන ජෝතීර්වේදියෙකු වන අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා නැතිවූ ගුවන් යානය පිළිබඳව පැවසුවේ මෙවන් අනාවැකියකි.

Thursday, March 20, 2014

ජෝතිශ්‍යයේ මායාව සහ සැබෑව

වසරක් ගෙවී තවත් වසරක උදාවත් සමගම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා මාතෘකාවක් වන්නේ අවුරුදු ඵලාපලයි. පුවත්පත්, සඟරා මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විදු්‍යත් මාධ්‍යන්ගේද වැඩි ඉඩක් වෙනදාටත් වඩා මේසඳහා වෙන් කෙරෙනු දැකගත හැකිය. පවත්නා තත්වයන් යටතේ තම ජීවන තත්වය කෙසේ හෝ ඉහළ නංවාගැනීමේ දැවැන්ත අරගලයක පැටලීමට සියලූදෙනාටම සිදුව ඇත. කෙදිනකවත් ජයගත නොහැකි මෙම අරගලයෙන් වෙහෙසට පත්වන්නන්ගේ තාවකාලික මානසික විවේකාගාරයක් ලෙස මෙම විෂය සැලකිය හැකිය. මේ මොහොතේ අහිමි සතුට හෙට හෝ ලැබේදෝ යන කුතුහලය සංසිඳවා ගැනීමටත්, අනාරක්ෂිත බවෙහි භීතිය තුරන්කරගැනීමටත් සියලූම දෙනාහටම මෙවැනි දෑ තවදුරටත් කරපින්නාගෙන යාමට බලකෙරේ. මීට අමතරව ආගමික සහ සංස්කෘතිය පරිසරයන් සමඟ තදින් බද්ධව පැවතීමත්, සෘජු රාජ්‍ය අනුග‍්‍රහය නොඅඩුව ලැබීමත් වැනි සාධක මගින් මෙහි පැවැත්මේ පදනම තවදුරටත් ශක්තිමත්වී තිබේ.

වත්මන් සමාජය තුල ජෝතිෂ්‍යයේ පැවැත්ම තහවුරුකරන න්‍යායාත්මක කරුණු කාරණා එසේ වුවද, තනි තනි පුද්ගලයින්ට සාපේක්ෂව දැඩි ආත්මීය සබඳතාවයක් ජෝතිෂ්‍ය සමග ගොඩනැගී පවතී. එසේවන්නේ මෙම විෂය ප‍්‍රායෝගික භාවිතයන් තුළ සැබෑවක් සේ අත්දකින්නට ලැබීමයි. එනම් ඇතැම් අවස්ථාවලදී ජෝතිෂ්‍යට අනුව ඉදිරිපත්කරනුලබන ලග්න-පලාපල යනාදිය සත්‍යවනසේ අපට දක්නට ලැබීමයි. මෙම ලිපියෙහි මූලික අරමුණ එම මායාව නිර්මාණය කරනු ලබන පුද්ගල මානසික ක‍්‍රියාකාරීත්වය හෙළිදරවු කිරීම මිස නූතන විද්‍යාත්මක දැනුම් පද්ධතිය යොදාගනිමින් මෙහි පවතින පරස්පරතා සාකච්ඡා කිරීමට නොවේ. කෙසේවුවද ඊට මත්තෙන් ජෝතිෂයේ බිහිවීම හා එහි ව්‍යාප්තියට අදාලවන අයිතිහාසික පසුබිම පිලිබඳව සරළ අදහසක් ලබාගැනීම වැදගත්වේ.

Monday, March 17, 2014

මැජික්වලට තවදුරටත් අඳිමුද ? (අතුරුදහන් MH370 ගුවන් යානය ගැන චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවැකියක්)

අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති මැලේෂියානු ගුවන් යානය ගැන මෙරට ප‍්‍රසිද්ධි ජ්‍යෙතිර්වේදියෙකු වන්ද්‍රසිරි බන්ඩාර දෙරණ රූපවාහිනිය සමඟ අදහස් පල කලේය.

ඔහු පවසන්නේ මෙය නියමුවා විසින් සැලසුම් කල ගුවන් යානා පැහැරගැනීමක් වන අතර දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.

‘මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’ යයිද ඔහු සඳහන් කරයි.

පසු සටහන - 

අතුරැදන්වු ගුවන්යානය ගැන අපේ ජෝතිෂ්‍යවේදීන් අනාවැකි කියල. එකමහත්තයෙක් කියනව ගුවන්යානය කඩන්වැටිලලු. තවමහත්තයෙක් කියනව ඒක පැහැරගෙනලු. එක විද්‍යාවක් - ප්‍රතිඵල දෙකක්. කනාවැකි කියන කලාව නිවැරදිනම් කව්රුකිව්වත් එකම කතාවක් කියවෙන්න එපායැ.

ඒක නෙවෙයි කතාව, චන්ද්‍රසිරි මහත්තය කියලතියනව මෙහෙම,

“දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.”
“අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්”

සිදුවිය හැකි සියලුම සම්භාවිතාවන්ට ගැලපෙන විදිහට තමයි ඒගොල්ලන් කතාව ගොඩනගන්නෙ.

ඒක නෙමෙයි ලොකුම කාරණාව. චන්ද්‍රසිරි මහත්තය මේ ගුවන්යානය පැහැරගෙනයි කියන අනාවැකිය කියන්නෙ, අනාවැකිය කියන්න පැය ගනනාවකට කලින් dailymail.co.uk කියන වෙබ් එකේ ඒ ගුවන්යානයෙ නියමුවා පිලිබඳ සැකයක් තියනව කියල විස්තර ගියාටත් පස්සෙයි. ගූගල්එකේ සර්ච්කරල තමයි මේගොල්ලන් අනාවැකි හද්නෙ. මෙන්න ඒ ලින්ක්එක.

Thursday, March 13, 2014

ලෝකය ඉස්සරහට යන්නේ සමාජවාදය දෙසටයි, ඒක ඓතිහාසිකව වළක්වන්න බැහැ - මහාචාර්ය කාලෝ ‍ෆොන‍්සේකා

Prof. Carlo Fonseka
Prof. Carlo Fonseka
ඔබේ සම්පූර්ණ නම?
කාලෝ ‍කැෂ්මියර් ෆොන‍්සේකා.

උපන්නේ?
1933 දී. (මාර්තු 4)

ගම?

දිවුලපිටිය.

පියා කවුද?

තිත්තල පිටියේ ජෝර්ජ් ඇල්බට් ෆොන්සේකා

එතකොට මව?

ආරච්චි‍ගේ ඇලිස් ප්‍රනාන්දු

පියාගේ මොකක්ද වෘත්තිය වුණේ?

ඇපෝතිකරි දොස්තර කෙනෙක්. පස්සේ සහකාර වෛද්‍ය නිලධාරියෙක් වුණා.

පවුලේ කී දෙනෙක් ද?

හතරදෙනයි. මම තමයි වැඩිමලා.

විජය කුමාරතුංගට ඔබේ තිබෙන ඥාතිත්වය මොකක් ද?

මගෙ අම්මයි විජයගේ ආච්චියි එක කුසේ උපන් සහෝදරියෝ. ඒ අනුව විජය මගේ ඥාති - සො‍හොයුරියගේ පුතා. තවත් විදියකට කියනවා නම් බෑනා.

මොන පාසලට ද ගියේ?

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්. පසුව මරදාන ශාන්ත ජෝශප් විදුහලෙන් ද්විතීය අධ්‍යාපනය ලැබුවා.

ආගම කතෝලික වෙන්නැති අනිවාර්යයෙන්ම?

ඔව්.

ඒත් ඔබ ආගම අදහනවද?

මගෙ අධ්‍යාපනය කතෝලික අධ්‍යාපනයක් නේ පුතා. ඒ නිසා මා වෙසෙසින්ම එහි ඵලයක්. මා එහි නීච ඵලයක්ය කියලත් සමහරුන්ට කියන්න බැරිකමක් නැහැ.

Monday, March 10, 2014

පිරිමි ළමුන් තොගයක් දුෂණය කර දේවගැති පැනයයි

එක්තරා ආගමික නිකායක් විසින් බඩල්ගම කෙහෙල්ඇල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය යාඥා මධ්‍යස්ථානයක දේවගැතිවරයකු බාල වයස්කාර පිරිමි ළමයන් පිරිසක් අපයෝජනයට ලක් කර ඇතැයි කියමින් එම දේවගැතිවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බල කිරීමේ උද්ඝෝෂණයක් කෙහෙල්ඇල්ල මංසන්ධියේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

මෙම මධ්‍යස්ථානයේ ලෙඩ සුව කිරීම, ආගම ප‍්‍රචාරය කිරිම හා ළමයින්ට ඉංග‍්‍රීසි ඉගැන්වීම සඳහා පවත්වාගෙන ගිය බව කියන අතර එය දැනට වසා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

Monday, March 3, 2014

යක්‌කු පන්නන්න දැරියක්‌ පිළිස්‌සූ කට්‌ටඬි ගුරා

දරුවාට යක්‍ෂයෙක්‌ ඇඟට ආවේෂ වෙලා තියෙන්නේ. යකාව එලවනකන් හොඳ සිහිය ගන්න බෑ. මේ යකා එසේ මෙසේ යකෙක්‌ නොවෙයි. පවසමින්ජ්‍යෙdතිෂවේදී කට්‌ටඬියකු විසින් සිහිය විකල්ව සිටි 16 හැවිරිදි දැරිවියකගේ පාද දෙකෙහිම යටි පතුල් ගිනියම් කරන ලද යකඩ කූරකින් දරුණු ලෙස පුළුස්‌සා පිළිස්‌සුම් තුවාල සිදුකිරීමෙන් පසු තුවාලකරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ රෝහල්ගත කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධ හොරොව්පොතාන පොලිසියෙන් "දිවයින" ට වාර්තා විය. මෙසේ පිළිස්‌සුමට ලක්‌ව ඇත්තේ හොරොව්පොතාන අලපත්වැව, කඳවුර ගම්මානය හෙවත් සුව උදාන ගමේ පදිංචි 16 හැවිරිදි ඒ. රංජනී කුමාරි නමැති දැරිවියකි.

මේ සම්බන්ධව කරුණු සොයාගෙන රංජනී කුමාරි දැරිවියගේ නිවස පිහිටි අලපත්වැව සුව උදාන ගමට ගියෙමි. ඒ වනවිටත් රංජනී අනුරාධපුර මහ රෝහලේ 4 වාට්‌ටුවේ 8 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇගේ උපකාරයට අම්මාද එහි සිටින බවත් රංජනීගේ ලොකු අක්‌කා වන ඒ. වසන්තා පැවැසීය. වසන්තා තවදුරටත් කරුණු දක්‌වමින් කියා සිටියේ අපේ මුල් ගම ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ, ගෝමරන්කඩවල, කුට්‌ටිකුලම් ගමයි. ගමට එල්ලවුණ කොටි ත්‍රස්‌ත ප්‍රහාර නිසා 1990 වර්ෂයේ ගම අතහැර අලපත්වැව ගමේ කඳවුරු ගතවුණා. පසුව අපට රජයෙන් අක්‌කර 1/2 ක ගොඩ ඉඩමක්‌ වෙන්කර දුන්නා.