Friday, August 30, 2013

T-56 සහ තබ්ලාව | මිලිටරි රියැලිටි සංකල්පය

ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කෙරෙන රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය දිනෙක සජීවීව විකාශය කරන ලදී. එහි ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රාජපක්ෂ සහ එම ආර්යාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියහ. විනිශ්චය මන්ඩලයේ වාඩි වී සිටියේ යශෝදා විමලර්ධම, එඩ්වරඩ් ජයකොඩි හා ජැක්සන් ඇන්තනී යන තිදෙනාය. තරග වදින සොල්දාදුවන් ගීතය ගයා අවසන් වූ විට ඒ ගැන අදහස් දැක්විම මේ විනිසුරන්ට භාර වී තිබුනි. සිය සෑම අදහස් දැක්වීමක්ම පාහේ ජැක්සන් ඇන්තනී ආරම්භ කරන ලද්දේ "මිලිටරි රියැලිටි" සංකල්පය ලෝකයට පලමුවෙන් හදුන්වා දුන් "අතිගරු ජනාධිපතිතුමන්ට" සහ " ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට" ස්වකීය උපහාරය පුද කරමින්ය.

Thursday, August 29, 2013

බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව

1993 දී කෙවින් කාටර් [Kevin Carter] නම් දකුණු අප්‍රිකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට වාර්තා කිරීමයි. අයෝද් නම් ගමක එක්සත් ජාතීන්ගේ ආහාර මධ්‍යස්ථානය ජායාරූප නැගීමට ගිය කෙවින් කාටර් ඊට නුදුරෙහි කෑමට යමක් සොයමින් මධ්‍යස්ථානය වෙත එන එනමුත් ඇවිද ගැනීමට තරම් ශක්තියක් නැතිව සිටින ළදැරියක දුටුවේ ය. ඔහු මවිතයට පත් වූ කාරණය වූයේ ළදැරිය ඩැහැ ගැනීමට එන ගිජු ලිහිණියකු ඇය කරා ළගා වෙමින් සිටීමය.

Monday, August 26, 2013

දන්නෙත් නැති, නැත්තෙත් නැති Facebook

ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද?
ඔයාට Friends ලා කී දෙනෙක් ඉන්නවද?

Facebook and Life
මේ ප‍්‍රශ්න දෙකට තියෙන්නේ උත්තර දෙකක් නේද? පුංචිම කාලේ ‘යහළුවෝ’ කියන වචනයේ ඉංග‍්‍රීසි වචනය විදියට තමයි ‘Friend’ හැඳින්වුනේ. දැන් අපිට එහෙම නෑ. ‘Friend’ කියන වචනයට වෙනම අනන්‍යතාවක් හැදිලා තියෙන්නේ. යාළුවෝ ගාණ එක වචනයෙන් කියන්න අමාරුයි. ඒ, ‘යහළුවෙක්’ කියන්නේ කවුද කියලා එච්චර පහසුවෙන් අර්ථ දක්වන්න බැරි නිසා. ‘යහළුවන්’ සහ ‘යහළුවන් නොවන අය’ වෙන් කරන බෙදුම් ඉරක් සොයා ගන්න එක ඒ තරම්ම අසීරු නිසා. දහස් සංඛ්‍යාත මිනිසුන් ප‍්‍රමාණයක් දවස ගානේ අභිමුඛ වෙන අපිට තවත් පුද්ගලයෙක් යහළුවෙක් බවට පත්වෙන්නේ කොහොමද? ජීවිතේ ගොඩාක් දේවල් බෙදාගෙන, ගොඩාක් ප‍්‍රශ්න වලට එකට මුහුණ දීලා කාලයක් ගතවුනාම තමයි යාළුවෙක් කියලා කට පුරා කියන්න පුළුවන් පිරිමියෙක් - ගැහැණියක් අපිට ලැබෙන්නේ. ඒත් Facebook හරහා computer එකේ mouse එක කිහිප පාරක් click කළාම අපිට Friend කෙනෙක් ලැබෙනවා. කොච්චර පුදුම සහගතයිද? තාක්ෂණයේ සිදු වෙන මේ වගේ නව නිර්මාණ හරහා අපිට ගැටෙන පරාසය වැඩිවීම බොහොම සාධනීය දෙයක්. ඒත් මේ දේවල් වල දෙපැත්තක් තියෙනවා.

Sunday, August 25, 2013

හම්බයින් එලවා ජලගැටලුව විසඳූ රාවණා පුරාවෘතය

King Ravana
King Ravana
රාවණා රජතුමාට "හම්" කම්හලක් තිබුණි. එහි සේවය කළේ හම්බයින් ය. හම්බයා යනු "හම් බඩු යාන්ත්‍රිකයින්" බව අරිසේනියානු පද නිරුක්තියෙන් පැහැදිළි වෙයි. [හම්=හම්, බ=බඩු, යා=යාන්ත්‍රිකයා]

සතුන්ගේ හම් ලබා ගැනීමට අකමැති වූ රාවණා රජතුමා එම කම්හලේ "දර්ශනීය ලෙලි" හෙවත් ලෙදර් හැදුවේ විස්මිත හෙළ තාක්ෂණය යොදා ගනිමින් රබර් වලිනි. [ලෙදර් යනුත් හෙළ වචනයකි; ලෙ=ලෙලි, දර්=දර්ශනීය] 

රබර් වලින් ලෙදර් හැදීමේ හෙළ තාක්ෂණය වනාහී, ඇල්වතුරට කෙමිකල් දැමීම හෙවත් "ඇල්කෙමි" තාක්ෂණයයි. [ඇල්=ඇල්වතුරට, කෙමි=කෙමිකල් දැමීම] 

Friday, August 23, 2013

ගුප්ත ඇදහීම් විරෝධියෙකුට වෙඩි

ගුප්ත බලවේග ඇදහීමට විරුද්ධව කටයුතු කළ ඉන්දීය ක්‍රියාධරයකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. හැත්තෑ එක් හැවිරිදි නෙරෙන්ද්‍රා දභෝල්කා පුනේ නුවර දී මෙසේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනයට ලක්වී ඇත්තේ, ව්‍යායාම සඳහා උදෑසන ඇවිදිමින් සිටිය දිය.

ප්‍රාතිහාර්ය පාමින් භුතවේදයේ යෙදී සිටින ප්‍රවීන ඉන්දීය මන්ත්‍රාචාර්යවරුන්ට සහ අධ්‍යාත්මික නායකයන්ට ද අභියෝග කළ නෙරෙන්ද්‍රා දභෝල්කා බිලිපුජා සඳහා සතුන් යොදා ගන්නා ආගමික වතාවත් වලට ද සංවිධානාත්මකව විරෝධය පා ඇත.ගුප්ත ඇදහීම් වල නිරත වන ඉන්දීය ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ක්‍රියාකාරී වී සිටි ඔහු එවැනි ඇදහීම් වලට එරෙහිව නීතියක් සම්මත කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය.

Wednesday, August 14, 2013

සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද? | Ginisiluwa

සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද? | Ginisiluwa: සමාජවාදයේදීත් ඔබට නීති පනවාවිද?