Thursday, December 27, 2012

දෙවියන්ගේ අලුත්ම නම...

මේ වෙනකොට හැමෝම දන්නවා දෙවියන් මියගිහින් කියලා. චතුරිකාගේ ගැටලුවේ සිට මධුරංග ගේ සිදුවීම හරහා ශිරානි බණ්ඩාරනායක දක්වා සිදුවීම් වල හරය තමයි දෙවියන් මියගොස් ඇති බව. මේ නිසා අපි හොල්මන්.

සිහිකටයුතු ලෝකය තුළ දෙවියන් මියගොස් ඇතිමුත් දෙවියන් පුනරුත්පත්තිය ලබා තිබෙනවා වෙනත් වේශයකින්. දැන් දෙවියන් අවිඥාණිකයි. දෙවියන් මේ වන විට අප තුළ ක්‍රියාත්මක වෙන්නේ අවිඥාණික විශ්වාස, පූර්ව අගති හරහා. උදාහරණයක් අනුව ගතහොත් චතුරිකාට අනුව සමලිංගිකත්වය විකෘත්තියක්. මධුරංගට අනුව වයස විස්සක කෙල්ලෙකුගේ ඇග වයස 31ක ගැහැණියකගේ ඇගට වඩා රසවත්.

Monday, December 24, 2012

තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................

ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි.

දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි,