Saturday, October 27, 2012

ගබ්සාව : ආගම වෙනුවට සමාජීය සහ සෞඛ්‍ය සාධක පෙරට ගැනීම

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමඟ නාරද බක්මීවැව මෙහෙයවන යංග් ඒෂියා ටෙලිවිෂන්හි ත්‍රිමාන වැඩසටහන වෙනුවෙන් කරන ලද සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී.

ගබ්සාව කියන්නෙ මොකක්ද?
ගර්භයකට සති 28 ක් පිරීමට පෙර එම කලලය විනාශ වීම ගබ්සාව කියලා කියනවා. ගැබ් ගැනීම්වලින් 10% ක පමණ ප්‍රතිශතයක් ස්වභාවිකව ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව කිසියම් අයෙකු වුවමනාවකින් සිදු කර ගනු ලබන ගබ්සාවන් තිබෙනවා. අපි මේකට තව වචනයක් කියනවා සාපරාධී ගබ්සාව කියලා. කෙටියෙන් කිව්වොත් අපේ රටේ ස්වභාවික නොවන තමන්ගේ වුවමනාවට හෝ වෙනත් කෙනෙකුගේ වුවමනාවට කරගන්නා සාපරාධී ගබ්සාවන් දිනකට

Monday, October 15, 2012

කර්මය අහෝසි වී සෙනසුරා මාරු විය.

“මචං අද හවසට සෙට් වෙමුද?” මගේ දැහැන බිඳිමින් මිතුරකු මා ඇමතීය. “අද අපි කර්ම බලන්න යනවා”
“ෂා... එලනේ.... එහෙනම් හයයි තිහ ෂෝ එක බලමු”
“හරි පහමාරට කැන්ටිමට වරෙන්” කියමින් මිතුරා පිටව ගිය පසු මා කල්පනා කරන්න‍ට
වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘සංකාරා’ ගැනය. මා උසස්‍ පෙළ සිසුවකුව සිටි අවධියේ නැරඹූ සංකාරා හි කථාව සිහියට නගමින් යළි මා දැහැන් ගත විය.
අපි සිනමා ශාලාව අසලට ලඟා වන විට හයයි විස්ස පමණ විය. “ නිකං යන්න බෑනේ මචං” කී නිසා කඩෙන් ගත් මෙගා බීම බෝතල් හා කඩචෝරු අතැතිව අපි තුෂ්නිම්භූතව ගල් ගැසුනේ සිනමා ශාලාව අසල තිබූ දැවැන්ත බැනරය දැකීමෙනි.

Monday, October 8, 2012

නූතන පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කෙසේ වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළි ය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනු ලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.

Saturday, October 6, 2012

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

Prof. Nalin de Silva
රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා මහතා විරුද්ධය.

මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.