අද ඉරිදා දිනයක් වූයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශන සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය නොවීය. නිවාඩු දිනයන්හි ටිකක් වැඩිපුර නිදාගැනීමට පුරුදු වී සිටි මා හට අවදි වන විට පෙරවරු 9.00 පසු වී තිබීම පුදුම වීමට කරුණක් නොවීය. උදේට මොනවා හෝ ගිලදැමීම සඳහා කැන්ටිමට ගිය මා හට මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව කැන්ටිමේ අම රස උදේ ආහාර වේලේ රස බැලීමට හැකි විණි. ආහාරයෙන් පසුව පත්තර ඇති ප්‍රදේශයට අප ඇදුනේ යම් වේලාවක් පත්තර පිටු අතර තොරතුරු ගවේශණයට අප හුරු පුරුදු වී සිටි නිසාවෙනි. පුවත්පතේ පලව තිබූ ලිපි කීපයක් වෙත මගේ අවධානය යොමු විනි.
පළමු ලිපිය
මේ වන විටත් රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වංචා කොට සැඟව සිටි සක්විති පොලිසියට කොටු වීමට අදාළව මෙම ලිපිය ලියවී තිබුණි. මුදල් වංචා කර ඔහු ගත කළ ජිවිතය ගැන විස්තර කර තිබුණු මෙම ලිපිය තුළ ඔහු අත්අඩංගුවට රැගෙන යන ඡායාරූපයක්ද විය.